(ඩී.කේ.රත්න)
වැල්ලවාය සිට වැලිමඩ දක්වා යුද හමුදා ටී ෂර්ට්වලට සමාන ඇඳුම් තොගයක් රැගෙන යමින් සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අද (8) බණ්ඩාරවෙල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
වැල්ලවාය යාලබෝව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ගමන් බෑගයක දමා යුද හමුදා ටී ෂර්ට්වලට සමාන ටී ෂර්ට් 13 ක් රැගෙන යමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
තමන් වැලිමඩ බෝගහකුඹුර ප‍්‍රදේශයේ වෙළදසැලක් විවෘත කිරීමට නියමිත බවද, එම වෙළදසැළේ අලෙවි කිරීම සදහා මෙම ටී ෂර්ට් තොගය රැගෙන ආ බවද මෙම පුද්ගලයින් පොලීසියට පවසා ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd