(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව සාලම්භකුලම් ප්‍රදේශයේදී මුස්ලිම් ව්‍යාපාරිකයකු තියුණු ආයුධයකින් කපා ඝාතනය කර පලා ගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය කියා සිටියි.
පසුගිය 3 වැනි දා වව්නියාව සාලම්භ කුලම් ප්‍රදේශයේදී නිවසක් තුළ 43 හැවිරිදි මොහොමඩ් සයිනුධීන් ඉමිතියාප් අමාම් නැමති මුස්ලිම් ව්‍යාපාරිකයා ඝාතනය කර ඝාතකයන් පලා ගොස් තිබිණි.
ඝාතනයට ලක් වූ මුස්ලිම් ව්‍යාපාරිකයා රෙදිපිලි ව්‍යාපාරයක නිරත වන අතර ඔහු ඝාතනය කර සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පලා ගොස් තිබූ අතර අදාළ ඝාතනයට සමබන්ධ මුස්ලිම් සහ සිංහල සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබුණි.
මේ අනුව අදාළ ඝාතනයට සමබන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කළ අතර එහිදී සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු පාදුක්ක ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවකු වශයෙන් සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද පරික්ෂණ වලදී ඝාතනය සිදු කර පලා ගිය යතුරුපැදිය සාලියවැව ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඝාතනයට සමබන්ධ අනෙක් මුස්ලිම් සැකකරු සැඟව සිටින අතර ඔහු ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටියි.
2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
883
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වව්නියාවේ මුස්ලිම් ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකරුවකු අත්අඩංගුවට