බ්රසීල යුවළකගේ මුදල් ඇතුළු භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
බ්රසීල යුවළකගේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් ඩොලර් 55 ක්, ලංකා මුදලින් රුපියල් 9000 ක් සහ ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් දෙක ඇතුළු ලියකියවිලි දමා තිබූ ඇඳුම් බෑගය මාතර පොල්හේන වෙරළ තීරයේදී සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අද (07) මිරිස්ස සංචාරක පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.