ආයුධ ළඟ තබාගත් 6කට 30,000ක දඩයක් අපරාධයක් සිදුකළ හැකි තියුණු ආයුධ සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවන් සයදෙනෙකුගෙන් එක් අයෙකුට රුපියල් 5000 බැගින් රුපියල් 30,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා අද(08) නියම කළේය. 08 May 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ අයෙක් අත්අඩංගුවට ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 08 May 2019
පිදුරංගල-සීගිරි පව්ව ආශ්‍රිතව දැව සංහාරයක් ඓතිහාසික පිදුරංගල හා සීගිරි පව්වට බස්නාහිර ප්‍රදේශයේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභයභූමියේ යන්ත්‍ර සූත්‍ර යොදා විශාල මාර්ගයක් කැපීම හේතුවෙන් දැව සංහාරයක් සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 08 May 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ 41 ක් අත්අඩංගුවට ත්‍රිකුණාමලය, බැක්බේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 08 May 2019
කාන්තන්කුඩියේ ලී මෝලක ගින්නකින් කෝටියක දැව විනාශයි මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේ නව කාන්තන්කුඩි නගරයේ ලී මෝලක් ගිනි ගැනීමෙන් දැව තොගයක් සහ යන්ත්‍රෝපකරණ අද(08) විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 08 May 2019
පොළොන්නරුවේ කිරි කර්මාන්තශාලාවක උද්ඝෝෂණයක් පොළොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි උකුකිරි කර්මාන්තශාලාවට සේවකයින් පිරිසක් අයථා අයුරින් බඳවාගත්තේ යැයි කියමින් සේවකයෝ පිරිසක් උද්ඝෝෂණයක නියැළී සිටිති. 08 May 2019
බාල වයස්කාර දැරියක අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක බලහත්කාරයෙන් අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළදසැලක සේවකයකු අද(08) අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 08 May 2019
වැලිමඩ මාර්ගයක දමා ගිය පිස්තෝලයක් හමුවෙයි වැලිමඩ හපුතලේ මාර්ගයේ 3 කණුව දඹවින්න ප්‍රදේශයේ මාර්ගය අයිනේ දමා ගොස් තිබූ පිස්තොලයක් අද (8) උදැසන හමු වූ බව වැලිමඩ පොලිසිය පවසයි. 08 May 2019
රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය මංසන්ධිය ආසන්නයේදී සහ හංවැල්ල පහත්ගම මංසන්ධිය ආසන්යේදී අද (08) සිදු වූ අනතුරු දෙකකින් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හෝමාගම රෝහල් පොලිසිය පවසයි 08 May 2019
ඇඟළුම් සේවකයින් ප්‍රවාහනය කළ බසය අනතුරට ලක් වී 12 ක් රෝහලේ බලන්ගොඩ වලේබොඩ සිට බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ ඇති ඇඟළුම් කම්හළකට සේවකයින් ප්‍රවාහනය කළ බස් රියක තිරිංග ක්‍රියා විරහිත විම හේතුවෙන් බසය මාර්ගයෙන් ඉවත පැන සිදු අනතුරෙන් එහි ගමන්කළ සේවකයින් 12 ක් තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 08 May 2019
බලපත්‍ර නොමැතිව තේක්ක ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක කඳන් තොගයක් කොළඹ හලාවත මාර්ගයේ අංගම්පිටියේ දී අද (8) සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 08 May 2019
මාතලේ පාලමක් අසළ බෝර-12 පතුරොම් 43ක් මාතලේ කිවුල උල්පතපිටිය ප්‍රදේශයේ පාලමක් අසළ තිබී බෝර-12 වර්ගයේ පතුරොම් 43ක් සොයා ගත් බව මාතලේ මූලස්ථාන පොලිසිය කියයි. 08 May 2019
තියුණු ආයුධයකින් පහරදී තිදෙනෙකුට බරපතලයි ආණමඩුවේදී තරුණයකු පුද්ගලයන් තිදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකර ඇති බවත් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය කියයි. 07 May 2019
බෝක්කුවක් අසළ තිබී ටී - 56 ගිනි අවියක් හමුවෙයි මාතලේ වාරියපොල බෝක්කුවක් අසළ දමාගොස් තිබූ ටී - 56 ගිනි අවියක් සහ පතරොම් කිහිපයක් අද (07) මාතලේ පොලිසියයට ලැබුණු තොරතුරකට අනුව සොයාගත් බව මාතලේ පොලිසිය කියයි. 07 May 2019
හැඹිල් දැල් යොදාගෙන මසුන් ඇල්ලූ 40 ක් අත්අඩංගුවට බලපත්‍රයකින් ලබාදී ඇති වපසරියට පරිබාහිරව හැඹිල් දැල් යොදාගෙන මසුන් ඇල්ලීමේ නිරත වූ ධීවරයන් 40 දෙනෙකු යාත්‍රා පහක් සමඟ අද (07) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා වෙරලාරක්ෂක බලකාය පැවැසීය. 07 May 2019
රථවාහන පොලිසිය වැරදිකරුවෙකු කළ රියදුරෙකු නිදොස් කොට නිදහස් රථවාහන වැරදි කිහිපයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකු නිදොස් කොට නිදහස් කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත්වරයා අද (07) නියෝග කළේය. 07 May 2019
කූරගල රක්ෂිතයේ මැණික් ගැරූ පස්දෙනෙකුට ඇප බලන්ගොඩ කූරගල රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ පුද්ගලයන් පස්දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (07) නියෝග කළේය. 07 May 2019
ඕලු මුවකු දඩයම් කළ අයෙක් අත්අඩංගුවට පස්සර මීරියබැද්ද රක්ෂිතයේදී ඕලු මුවෙකු දඩයම් කළ පුද්ගලයෙකු පතොරම් තුවක්කුවක් ද සමඟ අද (7) අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි. 07 May 2019
මුස්ලිම් ගම්මානයක තිබී තුවක්කුවක් - ජීව අත් බෝම්බ සොයාගනී බිබිල මැදගම පොලිස් වසමේ ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේ තිබී පතොරොම් තුවක්කුවක් සහ එස්එෆ්ජී වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇතැයි මැදගම පොලිසිය කියයි. 07 May 2019
විදුහලට ආරක්ෂාව ඉල්ලා කළුතර ප්‍රාසබා මන්ත්‍රීවරයෙක් විරෝධතාවක කළුතර තිස්ස විදුහලට නිසි ආරක්ෂාවක් සපයන ලෙස ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලා කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් රංගජීව මහතා විදුහලේ ප්‍රධාන දොරටුව අබියස සිට අද(07) සිය විරෝධතාව පළ කළේය. 07 May 2019
හෝටල් සේවකයෙක් පොලු පහරකින් මරුට අගලවත්ත ලූල්ඇල්ල හෝටලයක සේවකයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් අයකු අනෙක් සේවකයාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය කියයි. 07 May 2019
බ්‍රසීල යුවළකගේ මුදල් ඇතුළු භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට බ්‍රසීල යුවළකගේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් ඩොලර් 55 ක්, ලංකා මුදලින් රුපියල් 9000 ක් සහ ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් දෙක ඇතුළු ලියකියවිලි දමා තිබූ ඇඳුම් බෑගය මාතර පොල්හේන වෙරළ තීරයේදී සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අද (07) මිරිස්ස සංචාරක පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 07 May 2019
බිරිය ඝාතනය කළ සැමියා අත්අඩංගුවට දියණිය සමඟ දියනාමින් සිටියදී පිහියකින් ඇන බිරිය ඝාතනය කළ සැමියා අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි. 07 May 2019
කිරිබත්ගොඩ වෙළඳසල් කිහිපයක් ගින්නකින් විනාශයි කිරිබත්ගොඩ, ඊරියවටිය මාර්ගයේ පිහිටි වෙළදසැල් කිහිපයක් ඇති වූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි. 07 May 2019
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට නිට්ටඹුව, කැටකෑලපිටිය ප්‍රදේශයේදී 34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට පුද්ගලයින් තිදෙකු සමඟ ඝාතනය සදහා යොදා ගත් බව කියන කඩු තුනක්ද අත් අඩංගුවට ගෙන ඇත. 07 May 2019
කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක් කෙත්හේන ජල පවිත්‍රාගාරය පිහිටි ප්‍රාදේශීය විදුලි බල මණ්ඩලයේ හදිසි නඩත්තු කටයුතු සහ ජල පවිත්‍රාගාරය නඩත්තු කටයුතු හේතුවෙන් හෙට 08 පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා පැය 10ක කාලයක් ජලය පාරිභෝගිකයින්ට බෙදා හැරීම සිදු නොකරන බව කළුතර ජාතික ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එල්. සී සමරනායක මහතා පවසයි. 07 May 2019
බදුල්ලේ ද්‍රවිඩ ළමුන්ට කුරාණය ඉගැන්වූ පාඨමාලාව මුස්ලිම් පූජකවරු හෙලාදකිති ඉරාන අල් මුස්තාෆා විශ්ව විද්‍යාලය නම් ආයතනයක මෙහෙය වීමෙන් බදුල්ලේ දෙමළ පාසල් හතරක් තුළ අනවසරයෙන් පවත්වාගෙන ගිය අධ්‍යාපනික පාඨමාලා වැඩසටහන තරයේ හෙලාදකින බව බදුල්ලේ මුස්ලිම් පූජකවරු පවසති. 06 May 2019
කොළඹ-මහනුවර මාර්ගය දෙපස පැළ රෝපණය කිරීමට යයි කොළඹ මහනුවර මාර්ගයේ දෙපස පැළ 2500ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පේරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) බැලුම්මහර, සේරුවිල ප්‍රදේශයේ දී සිදු කෙරුණි. 06 May 2019
බෝම්බ - ජීව උණ්ඩ රදවන බඳ පටියක් සමඟ අයෙක් අත්අඩංගුවට බෝම්බ සහ ජීව උණ්ඩ රදවන බඳ පටියක් (ලෝන්චරයක් ) සමග පුද්ගලයකු හා ලොරි රථයක් අද (6) බණ්ඩාරවෙල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 06 May 2019
හෙරොයින් ළඟ තබාගත් විත්තිකාරියකට සිරදඬුවම් හොරොයින් මිලි ග්‍රෑම් 669ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ අධි චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකාරියකට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිස්සංක මහතා විසින් බරපතල වැඩසහිත වසර හයක සිරදඬුවම් සහ රුපියල් 30,000/- දඩ අද (6) නියම කළේය. 06 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025