IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තියුණු ආයුධයකින් පහරදී තිදෙනෙකුට බරපතලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුවේදී තරුණයකු පුද්ගලයන් තිදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී  බරපතල තුවාල සිදුකර ඇති බවත් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය කියයි.

මෙසේ තියුණු කැපිම් වලට ලක්ව ඇත්තේ ආණමඩුව නගරයේ ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයකු බව පොලිසිය කියයි.

තිදෙනෙකුට තියුණු ආයුධයකින් බරපතල තුවාල සිදුකළ සැකකාර තරුණයා වසර කිපයකට පෙර පුද්ගලයකුට තියුණු ආයුධ වලින් පහර  දී ඝාතනය කිරීමේ සිද්දියකට ප්‍රධාන සැකකරු බව පොලිසිය පවසයි.

කාන්තාවක් සම්බන්ධව ඇතිවූ ප්‍රශ්නයක් දුර දිග යාමේන් ත්‍රී රෝද රථ ගාලේ දෙදෙනා සහ අනෙක් තැනැත්තා සැකකාර තරුණයාගේ නිවස ඉදිරියට ගොස් ගැටුමක් ඇති කර ගෙන ඇති බවත් එහිදී නිවසේ සිටි සැකකාර තරුණයා කඩුවක් රැගෙන විත් කඩුවෙන් පහරදී ඇති බවත් පොලිසිය කියයි.

එහිදි එක් අයකුගේ ගෙල ප්‍රදේශයට දරුණු කැපුම් තුවාල සිදුව තිබු  බවත් අනෙක් දෙදෙනාගේ පාදයක් සහ අතක් කපා තිබූ බවත් පොලිසිය පැවැසීය.

සිද්දියට සම්බන්ධ සැකකාර තරුණයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් සැකකරු සොයා පොලිස් කන්ඩායම් කිපයක් පරික්ෂණ අරම්භ කර ඇති බව පොලිසිය කියයි.



අදහස් (1)

තියුණු ආයුධයකින් පහරදී තිදෙනෙකුට බරපතලයි

Akila Wednesday, 08 May 2019 02:24 AM

රටේ බහුලව අපරාද කරන්නේ ඇප පිට ඉන්න දරුණු අපරාධ කරුවෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32267 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14763 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 357 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site