(කාංචන කුමාර ආරියදාස)
රථවාහන වැරදි කිහිපයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකු නිදොස් කොට නිදහස් කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත්වරයා අද (07) නියෝග කළේය.
වැරදි ලෙස ඉස්සර කිරීම ඇතුළු රථවාහන වැරදි කිහිපයක් සිදුකළේ යැයි ගලේවෙල පොලිසිය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සුමිත් ජයනන්දන නමැති අයෙකුට දඬ කොලයක් නිකුත් කර තිබිණි.
එම තැනැත්තා තමන් වරදක් සිදු නොකළ බව පවසමින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මීට වසර එකහමාරකට පෙර නඩුවක් ගොනුකර තිබිණි.
එම නඩුවේ තීන්දුව ලබාදෙමින් දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා රථවාහන වැරදි සිදු කළ බවට චෝදනා එල්ල වී සිටි සුමිත් ජයනන්දන මහතා සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් කර තීන්දුවක් ලබා දුන් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පියුමාල් හේරත් මහතා පැවසීය.
2017 වසරේ නොවැම්බර් මාසයේ දිනක ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ දී තමන් රථවාහන වරදක් සිදුකළ බවට චෝදනා කරමින් රථවාහන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු දඬ කොලයක් නිකුත් කළ බව චෝදනා එල්ල වී සිටි සුමිත් ජයනන්දන මහතා පැවැසීය.
තමන්ගෙන් යම්කිසි මුදලක් පොලිස් නිලධාරීන් බලාපොරොත්තු වූ බවට ඉඟි පළ කළ ද තමන් කිසිදු මුදලක් ලබා නොදී දඬකොලේ රැගෙන පිටත්ව යෑමට උත්සාහ කරන අවස්ථාවේදී බස් රථයක් වේගයෙන් පැමිණ පොලිසිය නැවැත්වීමේදී රුපියල් 500ක මුදලක් පොලිස් නිලධාරීන්ට ලබාදීම පිළිබඳව තමන් පොලිස් නිලධාරීන්ට මෙන්ම පොලිස්පතිවරයාගේ සිට සියලුම නිලධාරීන්ට පැමිණිලි කළ බවද ඔහු සඳහන් කළේය.
පසුව තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පිහිට පැතූ බවද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව තමන් රථවාහන වරදක් සිදු කළ බවට එම පොලිස් නිලධාරීන් දෙදෙනාට අධිකරණය ඉදිරියේ ඔප්පු කරගැනීමට නොහැකිවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා තමන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ බව සඳහන් කළේය .
2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
883
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රථවාහන පොලිසිය වැරදිකරුවෙකු කළ රියදුරෙකු නිදොස් කොට නිදහස්