IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආයුධ ළඟ තබාගත් 6කට 30,000ක දඩයක්

(ටෝනි කරුණානායක)

අපරාධයක් සිදුකළ හැකි තියුණු ආයුධ සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවන් සයදෙනෙකුගෙන් එක් අයෙකුට රුපියල් 5000 බැගින් රුපියල් 30,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා අද(08) නියම කළේය.

යුද හමුදා සහ පොලිස් නිලධාරීන් ඉකුත් 05 වැනිදා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කඩුවක්, පිහියක්, උල් පිහියක්, මන්නා පිහියක්, කෙටේරියක් සහ කිනිස්සක් සමඟ  සැකකරුවන් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර, ඇප මත මුදා හැර තිබුණි.

මිනුවන්ගොඩ, ගල්ඩළුවේ වීවීන් පාර, අලුත්පාර, මුනාස් මාවත සහ හිජ්රා මාවත යන ලිපිනයන්වල පදිංචි මොහොමඩ් හසීම්, මොහොමඩ් පයිරූෆ්, මොහොමඩ් අර්සාඩ්, මොහොමඩ් පාරුක්, අබ්දුල් කරීම්, මොහොමඩ් රිස්වාන් යන 6 දෙනාට මෙසේ දඩ නියම කෙරිණි.

සැකකරුවන්ට විරුද්ධව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ චෝදනා ගොනුකිරීමෙන් පසු සැකකරුවන් වරද පිළිගෙන ඇත.



අදහස් (1)

ආයුධ ළඟ තබාගත් 6කට 30,000ක දඩයක්

d.upul Wednesday, 08 May 2019 10:02 AM

දඩය වැඩි නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site