(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර තිස්ස විදුහලට නිසි ආරක්ෂාවක් සපයන ලෙස ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලා කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් රංගජීව මහතා විදුහලේ ප්‍රධාන දොරටුව අබියස සිට අද(07) සිය විරෝධතාව පළ කළේය.
මන්ත්‍රීවරයා පැයකට ආසන්න කාලයක් විදුහල ඉදිරිපිට වාඩි වී විරෝධය දැක්වූයේය.
එම ස්ථානයට පැමිණි කලුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණී ආරියරත්න සහ කලුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විදුහලට යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ආරක්ෂාවට යෙදවීමට පියවර ගන්නා බව පොරොන්දු වූ අතර ඉන්පසු මන්ත්‍රීවරයා සිය විරෝධතාවය අත්හැරියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසිද්දවෙන්න මේක හොඳ අවස්තාවක් ..! දැන් ඉතින් මොන අලකලංචියක් හරි අටවාගෙන මුල්පිටුවට පැමිණෙන්නැයි උත්සාහය ..