(පාලිත ආරියවංශ) 
 
පස්සර මීරියබැද්ද රක්ෂිතයේදී  ඕලු  මුවෙකු දඩයම් කළ පුද්ගලයෙකු පතොරම් තුවක්කුවක් ද සමඟ අද  (7)  අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය  පවසයි.

පොලිස්  විශේෂ කාර්යාංශය ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් සැකකරු දඩයම් කළ මුවා රැගෙන යමින් සිටියදී  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.

පස්සර පොලිස් නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.