IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බාල වයස්කාර දැරියක අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක බලහත්කාරයෙන් අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළදසැලක සේවකයකු අද(08) අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම, තල්ගස්වැව පදිංචි 21හැවිරිදි වෙළඳසැල් සේවකයෙකි.

දූෂණයට ලක්වූ බව කියන මෙම බාල වයස්කාර දැරිය සිය මව සහ මිත්තනිය සමග ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටියි.

මෙම දැරිය පවුලේ අවශ්‍යතාවයක් සඳහා නොච්චියාගම නගරයට ගොස් ආපසු සිය නිවසට යාමට බස් නැවතුම්පළට පැමිණ සිටියදී සැකකරු නිවසට ඇරලීම සඳහා යතුරුපැදියට ගොඩවන ලෙස ඉල්ලා ඇත. සැකකරු හඳුනන බැවින් දැරියද යතුරු පැදියට නැග ඇති අතර ඔහු ඇයව කුසුම්පුර වැව් ඉස්මත්තට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය දැරිය විසින් සිය මවට පැවසීමෙන් පසු, මව පොලිසියට කළ පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද(08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නොච්චියාගම පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

බාල වයස්කාර දැරියක අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32267 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14763 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 357 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site