(එස් .ඩි. කොඩිකාර)
බ්‍රසීල යුවළකගේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් ඩොලර් 55 ක්, ලංකා මුදලින් රුපියල් 9000 ක් සහ ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් දෙක ඇතුළු ලියකියවිලි දමා තිබූ ඇඳුම් බෑගය මාතර පොල්හේන වෙරළ තීරයේදී සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අද (07) මිරිස්ස සංචාරක පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර, හුනුකොටුව ප්‍රදේශයේ සහ හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 - 24 අතර පුද්ගලයන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.
සංචාරක යුවළ ඉකුත් අප්‍රේල් මස (20) වන දින සති දෙකක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති අතර ඉකුත් (05) වන දින මාතර, පොල්හේන වෙරළ තීරයේ දිය නාමින් විනෝද වන අතරතුර සැකකරුවන් විසින් වෙරළ තීරයේ බෑගයක දමා තිබූ මුදල් ඇතුළු මෙම භාණ්ඩ සොරකම් කරගෙන ගොස් ඇති බවට සංචාරක යුවල විසින් සංචාරක පොලිසියට පැමිණිලි කර ඇත.
පසුව පොලිස් නිලධාරීන් අවට සංචාරක හෝටල් සහ නිවෙස්වල සී. සී. ටීවී දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් හඳුනා ගැනීමෙන් අනතුරුව මාතර ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී ඩොලර් 05 ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙක, විදේශීය යුවළගේ ජාතික හැඳුනුම්පත් දෙක ඇතුළු අනෙකුත් භාණ්ඩ සොයාගෙන තිබූ අතර ලංකා මුදලින් රුපියල් 9000 ක් සහ ඩොලර් 50 ක් සැකකරුවන් විසින් වියදම් කර තිබූ බව පොලිසියට පාපොච්චාරණය කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිස් සංචාරක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බ්‍රසීල යුවළකගේ මුදල් ඇතුළු භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට