වැලිමඩ වතුයායක තිබී ගිනි අවි දෙකක් සොයා ගනී වැලිමඩ ඩයරබා වතුයායේ ග්රීන්හිල් කොටසේ තේ වගාවක තිබී මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවි දෙකක් අද (3) දහවල් සොයාගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි. 03 May 2019
නවගත්තේගම වැවක තිබී අත් බෝම්බයක් පුපුරුවා හරී නවගත්තේගම පළුකදවැවේ ජලය ගලා එන ඇළ මාර්ගයක තිබූ අත්බෝම්බයක් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අද (3) උදෑසන ආරක්ෂිතව පුපුරවා හැරි බව නවගත්තේගම පොලිසය පවසයි. 03 May 2019
බිරිය ඝාතනය කර පලාගිය සැමියා සොයා පරීක්ෂණ හිනිදුම පොලිස් වසමේ ඇළඉහළ ප්‍රදේශයේ 29 හැවිරිදි පුද්ගයෙකු සිය 26 හැවිරිදි බිරිඳට අලවංගුවකින් පහරදී ඝාතනය කර පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 03 May 2019
සම්භාහන මධ්‍යස්ථාන 5ක තරුණියන් 10ක් සැකපිට අත්අඩංගුවට අලුත් පාර මීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන 5ක් පරීක්ෂා කර එහි රැඳී සිටි තරුණියන් 10 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර මුදාහැරි බව මීගොඩ පොලිසිය පවසයි. 03 May 2019
මීගොඩ මාළු ව්‍යාපාරිකයෙක් සැකකටයුතු ලෙස මිය ගිහින් මීගොඩ කරල් අමුහේන අතුරු මාර්ගයේ නවතා තිබූ ති‍්‍රරෝද රථයක් අසළ සැකකටයුතු ලෙස මිය ගොස් සිටි මාළු ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් අද (03) උදෑසන හමු වූ බව මීගොඩ පොලිසිය පවසයි. 03 May 2019
වීරවිල රියදුරෙකු කපා කොටා ඝාතනය කරලා වීරවිල වැවේ කණ්ඩිය මතදී ත්‍රිරෝද රථ රියදුරෙකු කපා කොටා මරා දමා ඇතැයි වීරවිල පොලිසිය පවසයි. 03 May 2019
අණ නොතකා රිය ධාවනය කළ 4ක් අත්අඩංගුවට පොලිස් අණ නොතකා යතුරුපැදි දෙකකින් පලායමින් සිටි තරුණයින් සිව් දෙනෙකු සහ බීමත්ව සිටි තරුණයකු අත්අඩංගුවට ගත්බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි. 03 May 2019
බදුලු මුතියංගන වෙසක් පෙරහැර නොපැවැත්වීමට තීරණයක් මේ දිනවල රටේ පවතින ව්‍යාකූල තත්ත්වය මත බදුලු මුතියංගන රාජමහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහා පෙරහැර නොපැවැත්වීමට තීරණය කර තිබේ. 02 May 2019
මාවතුපොල මෙහෙයුමකදී සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට අලවතුගොඩ මාවතුපොල හා ඒ අවට ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සේවා නූල් , කඩු ඇතුළු උපකරණ සමඟ අද (02) සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය. 02 May 2019
කුණු ඇළක් අසළ ටී-56 ගිනි අවි 2ක් පුත්තලම මූලස්තාන පොලිසිය පිටුපස කුණු ඇළ අසළ තිබී ක්‍රියාකාරී තත්ත්වයෙන් යුතු ටී - 56 ගිනි අවි දෙකක් අද ( 2) සොයා ගත් බව පුත්තලම පොලිසිය කියයි. 02 May 2019
දුම්රියක ගැටී අයෙක් මරුට කලුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ලයකු අද(02) මියගොස් ඇතැයි කලුතර දකුණ පොලිසිය කියයි. 02 May 2019
බෝක්කුවක් අසළ තිබී පිස්තෝලයක් සහ මැගසිනයක් හමුවේ මන්නාරම, අඩම්පන් මාර්ගයේ ගොවිජන සේවා කාර්යාලය ආසන්නයේ බෝක්කුවක් අසළ දමාගොස් තිබූ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් සහ එහි මැගසිනයක් අද(02) සොයාගත් බව මන්නාරම පොලිසිය කියයි. 02 May 2019
කාබනික පොහොරවල නියමිත සංඝටක ඇත්දැයි සොයා බැලීමට යයි මෙරට නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල නියමිත සංඝටක තිබේදැයි සොයා බැලීම අනිවාර්යයන්ම සිදුකළ යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නියාමනයක් ක්‍රියාත්මක කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. 02 May 2019
වීසා නොමැති ඉරාක ජාතිකයකු අත්අඩංගුවට වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉරාක ජාතිකයකු මාතලේ කළුදැවල ප්‍රදේශයේදී අද(02) අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 02 May 2019
බිදුණුවැව මාර්ගය අසළින් ජීව උණ්ඩ තුනක් හමුවෙයි බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිදුණුවැව ප්‍රදේශයේ මාර්ගය අසළ තිබී එස්. 84 ගිනිඅවිවලට යොදන ජීව උණ්ඩ තුනක් අද (2) සොයා ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.. 02 May 2019
ගිනි අවියක් පත්තු වී පුද්ගලයෙක්ට තුවාල පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි දෙකක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටියදී හික්කඩුව කටුකොලිහ ප්‍රදේශයේදී අද (02) උදෑසන අත් වැරදිමකින් ගිනි අවියක් පත්තු වී එක් අයෙකු තුවාල ලබා තිබේ. 02 May 2019
බැංකු කාඩ්පත්වල මුදල් තමන්ගේ ගිණුමට හැරවූ 2ක් අත්අඩංගුවට පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ක්‍රෙඩිට් කාඩ් පත්වල දත්ත නවීන යන්ත්‍ර දෙකක් මගින් තම ක්‍රෙඩිට්කාඩ් පතට ඇතුළත් කර එම මුදල් භාවිත කළ පුද්ගලයන් දෙදෙනෙකු අද(02) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි. 02 May 2019
ලක්ෂ 35ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 35කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 02 May 2019
හැටන් නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී 16 ක් සැකපිට අත්අඩංගුවට හැටන් නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ හා ඒ අවට පරිශ්‍රයේදී අද (01) දා දහවල් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 16 ක් සැක පිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසීය. 01 May 2019
ඉරණවිලදී මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට තන පටිය තුළ සඟවාගෙන මත්කුඩු ගෙන යමින් සිටි කාන්තාවක් අද (01) හලාවත ඉරණවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි. 01 May 2019
රහසිගතව සඟවා තිබූ යතුරු පැදි 4 ක් දෙල්තොටින් සොයාගනී දෙල්තොට පත්තම් පල්ලිය ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයෙකුට අයත් වෙළඳ සැලක් තුළ රහසිගතව සඟවා තිබූ යතුරු පැදි හතරක් අද (01) අත්අඩංගුවට ගත්බව ගලහ පොලිසිය කියයි. 01 May 2019
වැලිකන්දේ වෙළඳ සැලකින් පතුරම් හයක් සොයාගනී වැලිකන්ද නගරයේ වෙළඳ සැලක් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ බොර 12 අවි සඳහා භාවිතා කරන පතුරොම් හයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවසීය. 01 May 2019
බලන්ගොඩ තේ වත්තක තිබී පතුරොම් 18ක් හමුවෙයි බලන්ගොඩ බුලත්ගම ප්‍රදේශයේ තේ වත්තක තිබී පතුරොම් 18ක් අද (01) සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 01 May 2019
සැකකටයුතු 7 ක් පන්නලදී අත්අඩංගුවට පන්නල පොලිස් වසමට අයත් ඇලබඩගම හා බම්මන්න යන ප්‍රදේශයන්හි කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කටයුතු පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර ලියාපදිංචි නොමැති බැංකුවක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජාතිකයන්ද වන බව පොලිසිය කියයි. 01 May 2019
ගාල්ලෙන් අත්අඩංගුවට ගත් 16ක් රිමාන්ඩ් ගාල්ල පොලිස් වසමේදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 16දෙනෙකු මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (01) නියෝග කළේය. 01 May 2019
මාතලේ ලොතරැයි අලෙවි කුටි ඉවත් කෙරේ රටේ පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් මාතලේ නගරයේ ඇති ලොතරැයි අලෙවි කුටි එම ස්ථානවලින් ඉවත් කිරීමට මාතලේ මහ නගර සභාව පියවර ගෙන තිබේ. 01 May 2019
මුලතිව් හෝටලයකින් වෝකි ටෝකි - හමුදා නිල ඇඳුම් සොයා ගනී මුලතිව් ආලම්පිල් ප්‍රදේශයේ ඉදිකෙරෙන හෝටලයක් තුළ තිබී ආරක්ෂක අංශ විසින් භාවිත කරන ගමන් කථන (වෝකි ටෝකි) නවයක්, ආරක්ෂක අංශ පළඳින සපත්තු සහ නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් අද (1) සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි. 01 May 2019
කුරුණෑගල වනාන්තරවලට ගිනි තබන අය අල්ලන්න විශේෂ මෙහෙයුමක් කුරුණෑගල ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරවලට ගිනි තබන හා කුණු කසල බැහැර කරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා දිවා රාත්‍රී විශේෂ වැටලීම් මාලාවක් ආරම්භ කර ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 01 May 2019
පිළියන්දල බෝක්කුවක් යට කාන්තා මළ සිරුරක් ඝාතනය කළ බවට සැකකරන කාන්තාවකගේ මළ සිරුරක් පිළියන්දල අලුත්පාර මාම්පේ ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී අද(01) හමු වූ බව පිළියන්දල පොලිසිය කියයි. 01 May 2019
වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 108ක් අත්අඩංගුවට සංචාරක වීසා මත මෙරටට පැමිණ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් අලුත්ගම - බෙන්තොට ප්‍රාදේශයේ ඉදිකිරීමේ වැඩබිමක සේවය කරමින් සිටි ඉන්දීයානු ජාතිකයින් 108 දෙනෙකු ආගමන විගමන විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කර ඇත. 01 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025