(ඔගස්ටින් ප්‍රනාන්දු)
පුත්තලම මූලස්තාන පොලිසිය පිටුපස කුණු ඇළ අසළ තිබී ක්‍රියාකාරී තත්ත්වයෙන් යුතු ටී - 56 ගිනි අවි දෙකක් අද ( 2) සොයා ගත් බව පුත්තලම පොලිසිය කියයි.
පොලිසිය ලද තොරතුරකට අනුව කළ සෝදිසියකදී මෙම අවි දෙක හමුවූ බව පොලිසිය පවසයි.
මෙම අවි මීට පෙර වෙනත් ස්ථානයක වළ දමා තිබී ඇති බවත්, මේ දිනවල කෙරෙන සෝදිසි කිරීම් නිසා මෙම ස්ථානයට ගෙනැවිත් දමා ගොස් ඇති බවත්, අවිවල පස් තැවරී තිබූ බවත්, අවි ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පුත්තලම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - එච්. චන්දන)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවස්ථාවේ කල යුත්තේ සියලුම මහ ජනතාව අත ඇති අවි ආයුධ රජයේ ආරක්ෂක අංශ වලට සීමිත දින කීපයක් තුල බාර දියයුතු බවට නිවේදනය කර , ඉන් පසුව වහාම නිවාස පරික්ෂා කර, ආයුධ ඇති , එය හිමි කරුවන් තරාතිරම නොසලකා දින නියමයක් නොමැතිව සිර කර තැබීමයි. මෙවැන්නක් 1971 කැරැල්ල අවස්ථාවේදී ක්‍රියාත්මක කෙරුණි. ජනතා ආරක්ෂාව රැකීමට මෙය වැදගත් ගත් වේ.