(විජේරත්න රත්නායක)
මේ දිනවල රටේ පවතින ව්‍යාකූල තත්ත්වය මත බදුලු මුතියංගන රාජමහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහා පෙරහැර නොපැවැත්වීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අද (02) ඓතිහාසික බදුලු මුතියංගන රාජමහා විහාරස්ථානයේ භාරකාර ශාස්ත්‍රපති පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කළ පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් රට තුළ මේ දිනවල පවතින තත්වය මත පෙරහැර දින නගරයට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවකගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරක්ෂක අංශයන්ට අපහසු බැවින් මෙවර ධාතුපූජා මහා පෙරහැර නොපැවැත්වෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
වෙසක් පොහෝ දින යම් බැතිමතුන් පිරිසක් විහාරස්ථානයේ සිල් සමාදන් වීම වන්දනාමාන කිරීම වැනි කටයුතුවලට පැමිණෙන බැවින් ඒ සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයන්ගෙන් ඉල්ලීමක් කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදුලු මුතියංගන වෙසක් පෙරහැර නොපැවැත්වීමට තීරණයක්