(ඩී.ජී.සුගතපාල)
පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි දෙකක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටියදී හික්කඩුව කටුකොලිහ ප්‍රදේශයේදී අද (02) උදෑසන අත් වැරදිමකින් ගිනි අවියක් පත්තු වී එක් අයෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා අසළ තිබූ සම්බාහන මධ්‍යස්ථානයක සැඟව සිටියදී පොලිසිය විසින් ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින් දෙදෙනා දැනට බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයෙකුගේ ගෝලයින් බවත් මෙම ගිනි අවි ගෙන යමින් සිටියේ කුමන අරමුණකටදැයි පරික්ෂණ පවත්වන බවත් හික්කඩුව පොලිසිය පවසයි.
(ඡායාරූප - රවී ලියනගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd