(අශෝක තිලකරත්න)

වීරවිල වැවේ කණ්ඩිය මතදී  ත්‍රිරෝද රථ රියදුරෙකු  කපා කොටා මරා දමා ඇතැයි  වීරවිල  පොලිසිය පවසයි.

මෙලෙස ඇත්තේ වීරවිල රණසිරිපුර පදිංචි 39 හැවිරිදි රුවන් වනිගසේකර නැමති අයෙකි.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති බව පොලිසිය කියයි.

වීරවිල පොලිසිය මෙම මිනීමැරුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.