(ජේ.කේ.එල්.චාමින්ද)
පොලිස් අණ නොතකා යතුරුපැදි දෙකකින් පලායමින් සිටි තරුණයින් සිව් දෙනෙකු සහ බීමත්ව සිටි තරුණයකු අත්අඩංගුවට ගත්බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙම තරුණයින් ගමන් කරමින් සිටි යතුරුපැදි දෙකද පොලිස් භාරයට ගෙන ඇත.
මාගාල්ල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් විසින් යතුරුපැදි නතර කරන ලෙස මොවුන්ට සංඥා කර ඇත.
අණනොතකා ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරින් විසින් ලුහුබැඳ ගොස් කටුගොඩ ප්‍රදේශයේදී එම තරුණයින් පිරිස අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මොවුන් අද (03)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd