(ඩී. කේ. රත්න )
වැලිමඩ ඩයරබා වතුයායේ ග‍්‍රීන්හිල් කොටසේ තේ වගාවක තිබී මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවි දෙකක් අද (3) දහවල් සොයාගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
ඩයරබා වතුයායේ ග‍්‍රීන්හිල් කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවක් මෙම ගිනිඅවි දැක ඒ පිළිබදව වතු අධිකාරිවරයාට දඅනුම්දීමෙන් පසු ඩයරබා වතුයායේ වතු අධිකාරිවරයා විසින් වැලිමඩ පොලීසියට දැනුම්දී ඇත.
වැලිමඩ පුහුල්පොල සිට දික්කාපිටිය හරහා ඩයරබා ප‍්‍රධාන මාර්ගයේ ඩයරබා වතුයායේ ග‍්‍රීන්හිල් කොටසේ ප‍්‍රධාන මාර්ගයට මීටර් පහක් පමණ දුරින් පොලිතීන් බෑගයක දමා තිබූ මෙම ගිනිඅවි දෙක වැලිමඩ පොලීසිය විසින් සොයාගෙන ඇත.
මේ දිනවල ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකිරීම නිසා කිසියම් පුද්ගලයකු විසින් මෙම ගිනිඅවි දෙක පොලිතීන් බෑගයක දමා තේ වගාවට දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
මේ පිළිබදව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.
බණ්ඩාරවෙල පොලීස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd