(ඔගස්ටින් ප්‍රනාන්දු සහ ලලිත් නවරත්න)
පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ක්‍රෙඩිට් කාඩ් පත්වල දත්ත නවීන යන්ත්‍ර දෙකක් මගින් තම ක්‍රෙඩිට්කාඩ් පතට ඇතුළත් කර එම මුදල් භාවිත කළ පුද්ගලයන් දෙදෙනෙකු අද(02) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි.
මොවුන් දෙදෙනා සුපිරි වෙළඳසැල්වලින් ලක්ෂ ගණනින් විවිධ භාණ්ඩ ලබා ගැනීමේ ජාවාරමක් පවත්වා ගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.
ව්‍යාජ ලෙසින් සකස් කර ගත් රජයේ හා පෞද්ගලික බැංකු කාඩ්පත් 4ක්ද, පරිගනක උපාංග හා මිලදී ගත් උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පුද්ගලයන් දෙදෙනා හලාවත කොරයවත්තේ පදිංචි 45වියේ පසුවන විවාහකයෙක් සහ හලාවත වටවන පදිංචි 22 හැවිරිදි ඉන්ධනහලක පොම්පකරුවෙක් වෙති.
ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන් ක්‍රෙඩිට් කාඩ්පතින් මුදල් ගෙවීමටයාමේදී ඔවුන්ගේ ගිණුම්වල මුදල් නැතිබව දැන, අදාළ බැංකු වෙත දන්වා ඇති බවත්, ගිණුම්හිමියන් තිදෙනෙකු විසින් මේ සම්බන්ධව පොලිසියට දන්වා ඇති බවත්, ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ බවත් පොලිසිය පවසයි.
ඉන්ධනහලට ඉන්ධන ලබා ගැනීම පැමිණෙන පුද්ගලයන් සිය බැංකු කාඩ් පත එම සේවකයා වෙත ලබා දෙනවිට ඔහු තමා සතු උපකරණයෙන් එහි දත්ත සොරා ගෙන ප්‍රධාන සැකකරුට ලබා දී ඇති බවද, පසුව එම දත්ත තමන් සැකසූ කාඩ් පතකට ඇතුළත් කර සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදීගෙන ඇති බවද, පසුව එම භාණ්ඩ අඩු මිලකට විකුණා ඇති බවද අනාවරණය වී ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු)
(ඡායාරූපය - ලලිත් නවරත්න)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බැංකු කාඩ්පත්වල මුදල් තමන්ගේ ගිණුමට හැරවූ 2ක් අත්අඩංගුවට