IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල වනාන්තරවලට ගිනි තබන අය අල්ලන්න විශේෂ මෙහෙයුමක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

කුරුණෑගල ප‍්‍රදේශයේ රක්‍ෂිත වනාන්තරවලට ගිනි තබන හා කුණු කසල බැහැර කරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා දිවා රාත‍්‍රී විශේෂ වැටලීම් මාලාවක් ආරම්භ කර ඇතැයි වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

බඩගමුව රක්‍ෂිත වනාන්තරයට, ඕමාරගොල්ල රක්‍ෂිත වනාන්තරයට හා කුරුණෑගල ප‍්‍රදේශයේ රක්‍ෂිත වනාන්තරයන්ට නිරන්තරයෙන් කැළි කසල බැහැර කිරීම හා කැළෑ ගිනි තැබීම නිසා සිදුවන පරිසර හානිය සැළකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ කළැයි කී එම ප‍්‍රකාශකයා මේ සදහා කුරුණෑගල ප‍්‍රදේශයේ පොලිසිවල සහයද ලබා ගන්නා බව පැවසීය.

කුරුණෑගල ප‍්‍රාදේශීය ලේකම් සහ දිස්ත‍්‍රික් වන හා පරිසර කමිටුවේ සභාපති ගාමිණී ඉලංගරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී කුරුණෑගල ප‍්‍රදේශයේ රක්‍ෂිත වනාන්තරවලට ගිනි තැබීම හා කුණු කසල බැහැර කිරීම මහත් ගැටළුවක් වී ඇති බවට ඉදිරිපත් වූ කරුණු අනුව වනාන්තරයන්ට කැළි කසල බැහැර කිරීම හා කැළෑ ගිනි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා වැටලීම් සිදුකිරීමට තීරණය කර ඇත.

මේ අනුව පසුගිය සති දෙකක කාලය තුළ සිදුකළ වැටලීම්වලදී රක්‍ෂිත වනාන්තරයන්ට කැළි කසල බැහැර කළ පුද්ගලයින් 15 දෙනකු අත්අඩංගුවට ගෙන නීතීය හමුවට පමුණුවා ඇතැයිද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

රක්‍ෂිත වනාන්තරයකට කැළි කසල බැහැර කිරීම හා ගිනි තැබීම අපරාධමය වරදක් බවත්, එම වරදකට වරදකරුවෙක් වන පුද්ගලයකුට වසර 07 දක්වා කාලයකට බන්ධනාගාර ගත කිරීම, රුපියල් ලක්‍ෂ 02 දක්වා වන දඩයක් මෙන්ම වනාන්තරයට සිදුවු හානියට සමාන වන්දියක් නියම කිරීමට අධිකරණයට හැකියාව ඇති බවද එම උසස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.
 
කුරුණෑගල දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ කුරුණෑගල දිසාවේ වන නිලධාරීන් විසින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.



අදහස් (0)

කුරුණෑගල වනාන්තරවලට ගිනි තබන අය අල්ලන්න විශේෂ මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site