විතාරන්දෙණියේ පාර අයිනක තිබී පතුරොම් සමඟ කොපු සොයා ගනී තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගයේ විතාරන්දෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබූ ජීව පතුරොම් සහ හිස් පතුරොම් කොපු කිහියක් අද (6) වීරකැටිය පොලිසියේ නිලධාරීන් සොයා ගනු ලැබිණි. 06 May 2019
රිදීගම විදුහලක වැසිකිළියක තිබී ජීව උණ්ඩ හමුවෙයි රිදීගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් රම්බොඩගල්ල මහා විද්‍යාලයේ ගැහැණු වැසිකිළිය තුළ තිබී බෝර දොළහේ පතුරොම් තුවක්කු වලට යොදන ජීව උණ්ඩ තුනක් සහ උණ්ඩ හිස් කොපු දෙකක් හමුවූ බව රිදීගම පොලීසිය පවසයි. 06 May 2019
ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා පලා යමින් තිබූ ජීප් රථය පසුපස තබා හඹා ගොස් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිල්ලණිය පොලිසිය පවසයි. 06 May 2019
අරණගම කැලෑවකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී කලත්තැව අරණගම ලදු කැලැවක අතුරු මාර්ගයක තිබු පුපුරණ ද්‍රව්‍ය රැසක් අද (6) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 06 May 2019
ගින්නකින් මහරගම වෙළෙඳසල් 4ක් විනාශයි මහරගම පරණ පාරේ ඉපැරණි ගොඩනැල්ලක් හා එකට පිහිටි වෙළෙඳසල් හතරක අද අලුයම ඇති වු ගින්නකින් වෙළෙඳසල් මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලීසිය කියයි. 06 May 2019
ත්‍රිරෝද රථ අනතුරින් 6 ක් රෝහලේ කළුගහකඳුර - පිටමාරුව ප්‍රධාන මාර්ගයේ බෝගස්තැන්න මංසන්ධිය ආසන්නයේදී අද (06) ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනෙකු , කාන්තාවක් ඇතුළු හයදෙනෙකු බරපතළ තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 06 May 2019
යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට කොළඹ - හලාවත මාර්ගයේ වෙන්නප්පුව ක්‍රීඩාංගණය අසල සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 06 May 2019
හෙරොයින් ජාවාරම්කරුවකු පොලිස් වෙඩිපහරින් මරුට මාරවිල නගරයේදි පොලිස් නිලධාරියෙකුට පිහියකින් ඇන පලායෑමට උත්සාහ කළ හෙරෝයින් මත්කුඩු ජාවාරම්කරුවෙකු පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 06 May 2019
බෝක්කුවක් අසළ තිබී ජෙලට්නයිට් කූරු 9ක් සොයාගනී තල්ගස්වල වත්තේ ඇළ මාර්ගයක බෝක්කුවක් අසළ තිබී ජෙලට් නයිට් කූරු 09ක් සොයාගත් බව නාගොඩ පොලිසිය පවසයි. 06 May 2019
හමුදා ඇඳුම් සමග මුස්ලිම් ව්‍යාපාරිකයන් 04ක් අල්ලයි හොරණ නගරය ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය හා යුද හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිලඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් සමග මුස්ලිම් ව්‍යාපාරිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 05 May 2019
මිනුවන්ගොඩින් කඩු කිණිසි ඇතුළු පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් කඩු , කිණිසි, සන්නිවේදන උපකරණ ඇතුළු ලිපිලේඛන රැසක් සමඟ සැකකටයුතු මුස්ලිම් ජාතිකයින් 10 දෙනකු අද (05) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 05 May 2019
මැනිං වෙළඳපොළේ පිහි ඇනුමකින් ව්‍යාපාරිකයෙක් මරුට පිටකොටුව මැනිං වෙළඳපොළේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමකින් එක් අයකු කළ පිහි ඇනුමකින් අනෙක් ව්‍යාපාරිකයා මිය ගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. 05 May 2019
පස්කන්දක් කඩා වැටී කම්කරුවෙක් මරුට - 2කට තුවාල තලවකැලේ නගරයේ වෙළෙඳසැළක් පිටුපස ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි කම්කරුවන් පිරිසක් මතට අද (05) පස් කන්දක් කඩාවැටී එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 05 May 2019
බෙලිඅත්තේ සිට දුම්රිය වාර කිහිපයක් හෙට සිට කාලසටහනට අනුව ධාවනයට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන දුම්රිය වාරයන් වෙනස්කමක් සහිතව හෙට (6) දින සිට නියමිත වාර ගණනකට අනුව දුම්රිය වාර කිහිපයක් ගමන්කිරීමට නියමිත බව බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ඩී.නාරංගොඩ මහතා පැවසීය. 05 May 2019
වායු රයිෆලයක් - පරිගණක කොටස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට කොහුවල ග්රීන්පාත්හි පිහිටි දෙමහල් පෞද්ගලික ආයතනයක තිබී ටී 56 ගිනි අවියට සමාන වායු රයිෆලයක්, ජංගම දුරකථනයක් සහ පරිගණක කොටස් රැසක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද(05) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. 05 May 2019
මුදල් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට ආරච්චිකට්ටුව අඹකැළේ ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් අනූහතර දහසක් කොල්ලකෑ පුද්ගලයෙකු අද (5) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 05 May 2019
බොරු ප්‍රචාරය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරීනියක් අත්අඩංගුවට අයි. එස්. අයි. එස්. සංවිධානයේ නමින් වැලිපැන්න කෝපිවත්ත ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණයක් පුපුරවා හරින බවට දැන්වීමක් පළ කළ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක් වැලිපැන්න පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. 05 May 2019
කැබ් - ත්‍රිරෝද අනතුරින් දියණියක් මරුට දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ උණපඳුරුයාය ප්‍රදේශයේ දී 04 දින පස්වරුවේ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ එකම පවුලේ මව, පියා, දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී වයස අවුරුදු එකහමාරක දියණියක් මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 04 May 2019
කුණු ඇළකින් අත් බෝම්බයක් හමුවෙයි පොලොන්නරුව පුලස්තිපුර රිපායිපුර ප්‍රදේශයේ ජනතාව පරිහරණය නොකරන (කුණු ඇළක) ඇළ මාර්ගයක තිබූ අත්බෝම්බයක් යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය විසින් (4) අද පස්වරුවේ වෙල්යායක ආරක්ෂිතව පුපුරවා හැරි බව පුලස්තිපුර පොලිසිය පවසයි. 04 May 2019
ගිනිඅවියක් ළඟ තබා සිටි තරුණයෙක් ලබන 14 දක්වා රිමාන්ඩ් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් 6ක් සන්තකයේ තබාගත් මුස්ලිම් තරුණයෙක් ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද (04) නියෝග කළේය. 04 May 2019
බඹර ප්‍රහාරයකින් ළමුන් තිදෙනෙකුට තුවාල මස්කෙළිය, සාමිමලේ, ස්ට්රැත්ස්පී තේ වතුයායේ, කොමරි කොටසේ දී පාසල් වයසේ පිරිමි ළමයින් තිදෙනෙකුට අද (04) පෙ.ව. 09.00 ට පමණ බඹරු දෂ්ඨ කිරීම නිසා අසාධ්‍ය තත්වයෙන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය. 04 May 2019
රිය අනතුරකින් දෙදරු මවක් මරුට කුරුණෑගල මුත්තෙට්ටුගල දී අද (04) සිදු වූ රිය අනතුරකින් දෙදරු මවක් මියගොස් ඇත. 04 May 2019
බෝ්ර් 12 ගිනිඅවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට බලන්ගොඩ කල්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් තංජන්තැන්න ප්‍රදේශයේ දි මෙරට නිෂ්පාදිත බෝ්ර් 12 වර්ගයේ ගිනිඅවියක් සමග 27 හැවිරිදි මුස්ලිම් තරුණයෙක් තංජන්තැන්න ප්‍රදේශයේ දි ඊයේ රාත්‍රියේ (03) අත්අඩංගුවට ගත් බව කල්තොට පොලිසිය පවසයි. 04 May 2019
රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට අම්බලන්තොට වලවදී අද(04) උදෑසන යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි. 04 May 2019
පෙර පාසල් ගොඩනැගිල්ලකට අනවසරෙන් ඇතුළු වූ දෙදෙනෙක් අල්ලයි දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ පෙර පාසල් ගොඩනැගිල්ලකට රහසිගතව ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා දඹුල්ල පොලිසියට බාරදී තිබේ. 04 May 2019
ලක්ෂ 5 ක කේරළ ගංජා සමඟ පුද්ගලෙයෙකු අත්අඩංගුවට කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ හතරක් සමඟ පුද්ගලෙයෙකු අද (03) අත්අඩංගුවට ගත් බව පුත්තලම මත්ද්‍රව්‍ය නාශක අංශය පැවැසීය. 03 May 2019
හොර ලේඛන සැකසූ කාර්යාල සහයකවරයකු අත්අඩංගුවට කූට ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි සකස් කරමින් තිබූ ව්‍යාජ උප්පැන්න විවාහ මරණ සහතිකපත් තොගයක් සමඟ සැකකරුවකු අද (3) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 03 May 2019
බෝර 12 ගිනි අවියක කොටස් - ජීව පතුරොම් රක්ෂිතයකින් හමුවේ දේවානම් පියතිස්සපුර, ලෝලුගස්වැව රජයේ රක්ෂිතයේ දමා ගොස් තිබූ බෝර 12 ගිනි අවියක කොටස්, ජීව පතුරොම් සහ හිස් කොපු කිහිපයක් යුද හමුදාව අද (03) සොයා ගෙන තිබේ. 03 May 2019
ව්‍යාජ හැඳුනුම්පත් - කෙටේරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට පුගොඩ කුමාරිමුල්ල ගම්මානයේ සිදුකළ පැය 8 ක විශේෂ සෝදිසි මෙහෙයුමක දී තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන පුද්ගල හැඳුනුම්පත් දෙකක් හා කෙටේරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 03 May 2019
හොර ලේඛන සැකසූ කාර්යාල සහයකවරයකු අත්අඩංගුවට මුදල් අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහයකයකු විසින් පාදුක්ක මිල්ලෑව දම්මානන්ද පෙදසෙහි සුපිරි නිවසක් තුළ පවත්වාගෙන ගිය කූට ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි සකස් කරමින් තිබූ ව්‍යාජ උප්පැන්න, විවාහ, මරණ සහතිකපත් තොගයක් සමඟ සැකකරුවකු අද (3) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 03 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025