IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෙලිඅත්තේ සිට දුම්රිය වාර කිහිපයක් හෙට සිට කාලසටහනට අනුව ධාවනයට

(අනීෂා මානගේ)

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන දුම්රිය වාරයන් වෙනස්කමක් සහිතව හෙට (6) දින සිට නියමිත වාර ගණනකට අනුව දුම්රිය වාර කිහිපයක් ගමන්කිරීමට නියමිත බව බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ඩී.නාරංගොඩ මහතා පැවසීය.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය පසුගිය මාසයේ අටවැනිදා ජනතා අයිතියට පත්කළ අතර එතැන් පටන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට නව දුම්රිය වාර කිහිපයක් ගමන් ඇරඹීය.

කෙසේවුවද මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටසෙහි සංඥා පද්ධතියෙහි පැවැති දෝෂයන් සහ සේවක හිඟය හේතුවෙන් පසුගිය අළුත් අවුරුදු උත්සව සමයේදී ද නියමිත කාලසටහනට අනුව දුම්රිය ගමන් කිරීමේ ගැටළුවක් පැන නැගිණි.

පැවැති ගැටළු නිරාකරණය කරගැනීමෙන් පසුව බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ගමන් වාර 7ක් හෙට (6) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට සතියේ දිනවලදී අළුයම 4.30ට මරදාන දක්වා සාගරිකා දුම්රියද අළුයම 5.25ට මරදාන දුම්රිය ස්ථානය දක්වා දිනපතා ගාලු කුමාරි දුම්රියද, ‍සෙනසුරාදා දිනහන්හී දී පෙරවරු 5.50ට යාපනය දුම්රිය ස්ථානය දක්වා එක් දුම්රියක්ද, සතියේ දිනවලදී ගාල්ල දක්වා පෙරවරු  6.30ට තවත් දුම්රියක් ද වව්නියාව දක්වා දිනපතා ධාවනය කෙරෙන රජරට රැජිනි දුම්රිය පෙරවරු 9.05ට ද,  දිනපතා මරදාන දක්වා ධාවනය කෙරෙන තවත් දුම්රියක් පස්වරු 1.00ට සහ පස්වරු 4.25ට මාතර දක්වා තවත් දුම්රියක් දිනපතා ධාවනය කිරීමටද නියමිතය.

මෙම දුම්රිය වාර හෙට (06) දින සිට නියමිත කාලසටහනට අනුව ධාවනය කිරීමට නියමිත බව බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසීය.



අදහස් (0)

බෙලිඅත්තේ සිට දුම්රිය වාර කිහිපයක් හෙට සිට කාලසටහනට අනුව ධාවනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site