(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ පෙර පාසල් ගොඩනැගිල්ලකට රහසිගතව ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා දඹුල්ල පොලිසියට බාරදී තිබේ.
පෙර පාසල් ගොඩනැගිල්ලට රහසිගතව පුද්ගලයෙකු ඇතුළු වූ බව දුටු කාන්තාවක ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති අතර ඔවුන් පෙර පාසල වටලා එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු අල්ලා පොලිසියට බාර දී ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ජලාල්ඩින් හිල්ෆාන් සහ ෆාරුක් මොහොමඩ් නව්ෆර් නැමති තරුණයන් දෙදෙනෙකි.
මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ කුඩා දරුවන් මුදල් එකතු කරන කැට සොරකම් කිරීම සඳහා පැමිණි බවය.
පෙර පාසලේ ඇතුළත තිබූ අල්මාරියක් මෙම සැකකරුවන් විසින් විවෘත කර තිබූ බවද පොලිසිය කියයි.
පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා ප්‍රදේශවාසීන්ගේ පහර කෑම හේතුවෙන් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව දඹුල්ල පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා අද(04) දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම අන්‍ය ආගම් කාරයෝ මුස්ලින් කිසිවෙකුට බුරුලක් නොදෙන්න, මොකටද ඒ අය ළදරු පසෙලට අනවසරයෙන් ගියේ? එම පාසෙලේ විස්තර ලබා ගන්නට ඇවිත් තියෙන්නේ, සොරකමට නෙවෙයි, විශ්වාස නොකරන්න