IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝද රථ අනතුරින් 6 ක් රෝහලේ

( නිශාන්ත කුමාර)

කළුගහකඳුර - පිටමාරුව  ප්‍රධාන මාර්ගයේ බෝගස්තැන්න  මංසන්ධිය ආසන්නයේදී  අද (06) ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන්   දෙදෙනෙකු , කාන්තාවක් ඇතුළු හයදෙනෙකු බරපතළ තුවාල ලබා  මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

 අනතුරින් තුවාල ලබා ඇත්තේ බදුල්ල බදුලුසිරිගම ප්‍රදේශයේ පිරිසකි.

 ත්‍රී රෝද   රථයේ තිරිංග ක්‍රියා විරහිතවීමත් සමගම රියදුරුගේ   පාලනයෙන් මිදුණු ත්‍රිරෝද රථය පල්ලම් සහිත  මාර්ගය ඔස්සේ අධික වේගයෙන් පැමිණ මාර්ගය අයිනේ වූ වේල්ලක හැපී  පොඩි පට්ටම් වීමෙන්  අනතුරු සිදුව ඇත.

 නෑ ගමනක් ගොස් ගොස් ආපසු එමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත.  අනතුරින් ත්‍රිරෝද රථයට ද බරපතළ හානි සිදු ව ඇත. කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ත්‍රිරෝද රථ අනතුරින් 6 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site