චන්දන ප්‍රනාන්දු
කොළඹ - හලාවත මාර්ගයේ වෙන්නප්පුව ක්‍රීඩාංගණය අසල සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ බටහිර නයිනමඩමේ පදිංචි භාතිය ශ්‍රී වීරසිංහ නම් 35 හැවිරිදි පුද්ගලයෙකි.
කටුනායක සිට මාරවිල දක්වා ගමන් කරමින් තිබූ ගුවන්තොටුපළ සේවක ප්‍රවාහන බස් රථයක් හා වෙන්නප්පූව දෙස සිට නයිනමඩම දක්වා ගමන් කරමින් තිබු යතුරුපැදියක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පූව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd