(දයාරත්න ඇඹෝගම)
දේවානම් පියතිස්සපුර, ලෝලුගස්වැව රජයේ රක්ෂිතයේ දමා ගොස් තිබූ බෝර 12 ගිනි අවියක කොටස්, ජීව පතුරොම් සහ හිස් කොපු කිහිපයක් යුද හමුදාව අද (03) සොයා ගෙන තිබේ.
ජීව පතුරොම් 6ක් සහ හිස් කොපු 8ක් රක්ෂිතයේ තිබී හමු වී තිබිණි. යුද හමුදා බුද්ධි අංශ ලද තොරතුරක් මත මෙම තුවක්කු කොටස් හා පතුරම් සොයා ගෙන ඇත.
තුවක්කු කොටස් හා පතුරොම් වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා අනුරාධපුර පොලිසියට බාරදී තිබේ. අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd