(බන්දු තඹවිට)
අයි. එස්. අයි. එස්. සංවිධානයේ නමින් වැලිපැන්න කෝපිවත්ත ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණයක් පුපුරවා හරින බවට දැන්වීමක් පළ කළ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක් වැලිපැන්න පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න හොලින් බෝන් ජනපදයේ පදිංචි සමෘධි සංවර්ධන නිලධාරිනියක් ලෙස කටයුතු කරන කාන්තාවකි.
උදෑසන වෙළඳ සැලක් විවෘත කිරීමට යාමේදී එම ගොඩනැගිල්ලේ ඉහල මහළට යන පඩි පෙලේ දොර අසළ මෙම දැන්වීම දමා තිබියදී එම වෙළඳ සලහිමිකරු විසින් ගොඩනැගිල්ල හිමිකරුට එම දැන්වීම බාරදී ඇති අතර ඔහු විසින් ඒ පිළිබඳව වැලිපැන්න පොලිසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේස් එකක් වගේ. අනේ මෙහෙමත් ආතල් දෙන ගෑනු