(රවින්ද්‍ර ලියනගේ)
මාරවිල නගරයේදි පොලිස් නිලධාරියෙකුට පිහියකින් ඇන පලායෑමට උත්සාහ කළ හෙරෝයින් මත්කුඩු ජාවාරම්කරුවෙකු පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ තොරතුරක් අනුව තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු උත්සහ කිරීමේදි එම සැකකරු පොලිස් නිලධාරියකුට පිහිකින් ඇන ඇති අතර ඒ අවස්ථාවේදි පොලිසිය සැකකරුට වෙඩි තබා ඇත.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු මාරවිල මුලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.
පිහි ඇණුමෙන් තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරයාද රෝහල් ගත කර ඇත. වෙඩි වැදී මිය ගොස් ඇත්තේ හලාවත මුගුණුවටවන පදිංචි අජිත් රෝහණ(31) නැමැත්තෙකු බව පොලිසිය කියයි.
මාරවිල මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෙරොයින් ජාවාරම්කරුවකු පොලිස් වෙඩිපහරින් මරුට