(රවින්ද්‍ර ලියනගේ)
මාරවිල නගරයේදි පොලිස් නිලධාරියෙකුට පිහියකින් ඇන පලායෑමට උත්සාහ කළ හෙරෝයින් මත්කුඩු ජාවාරම්කරුවෙකු පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ තොරතුරක් අනුව තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු උත්සහ කිරීමේදි එම සැකකරු පොලිස් නිලධාරියකුට පිහිකින් ඇන ඇති අතර ඒ අවස්ථාවේදි පොලිසිය සැකකරුට වෙඩි තබා ඇත.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු මාරවිල මුලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.
පිහි ඇණුමෙන් තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරයාද රෝහල් ගත කර ඇත. වෙඩි වැදී මිය ගොස් ඇත්තේ හලාවත මුගුණුවටවන පදිංචි අජිත් රෝහණ(31) නැමැත්තෙකු බව පොලිසිය කියයි.
මාරවිල මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd