IMG-LOGO

හොර ලේඛන සැකසූ කාර්යාල සහයකවරයකු අත්අඩංගුවට

(කේ. බුද්ධික කුමාරසිරි)
 

මුදල් අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහයකයකු විසින් පාදුක්ක මිල්ලෑව දම්මානන්ද පෙදසෙහි සුපිරි නිවසක් තුළ පවත්වාගෙන ගිය කූට ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි සකස් කරමින් තිබූ ව්‍යාජ උප්පැන්න, විවාහ, මරණ සහතිකපත් තොගයක් සමඟ සැකකරුවකු අද (3) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ හොරණ කඳවුරේ ස්ථානාධිපතිට ලැබුණු බුද්ධි තොරතුරක් මත විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර ඇත.

එම නිවසෙහි තිබී සකස් කරමින් තිබූ ව්‍යාජ උප්පැන්න සහතික 25 ක්, ව්‍යාජ විවාහ සහතික 35 ක්, ව්‍යාජ මරණ සහතික 1 ක්, එම ව්‍යාජ සහතික සකස් කිරීමට අවශ්‍ය නිල මුද්‍රා 10 ක්, රජයේ ලියාපදිංචි කිරීමේ ආයතයකින් කිසියම් ආකාරයකින් ලබාගත් උප්පැන්න විවාහ මරණ ලියාපදිංචි කිරීමේ පිටපත් 39 ක් ද සොයා ගත් බවද එම නිලධාරීහු පවසති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද පෙදෙස පදිංචිව සිටි මුදල් කාර්යාල කාර්ය සහයකයකු වන 40 හැවිරිදි දෙදරු පියෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ව්‍යාජ සහතික පත් නිල මුද්‍රා ද සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරගහහේන පොලිසියට බාරදීමට කටයුතු කළ බවද එම කඳවුර පවසයි.

සැකකරු හෙට (4)  හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (0)

හොර ලේඛන සැකසූ කාර්යාල සහයකවරයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1465 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site