(ඔගස්ටින් ප්‍රනාන්දු)
තන පටිය තුළ සඟවාගෙන මත්කුඩු ගෙන යමින් සිටි කාන්තාවක් අද (01) හලාවත ඉරණවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඇය සතුව මත්කුඩු ග්‍රෑම් හයක් තිබූ බව එම ඒකකය කීය.
සැකකාරිය මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිට දින තුනකට පෙර ඇප ලබා පැමිණ ඇති අතර ඇගේ ස්වාමිපුරුෂයාද මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd