මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් සොයාගනී තලාතුඔය උඩුදෙණිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් නිවසක රහසිගතව සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීති වීරෝධීව මෙරටට ගෙන්වා ඇති සිගරට් හා රතිඤ්ඤා තොගයක් අද (28) දහවල් තලාතුඔය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 28 April 2019
ඌවේ ප්‍රධාන බස්නැවතුම්පළවලට ආරක්ෂක කැමරා සවිකරන්න යයි ඌව පළාතේ ප්‍රධාන බස්නැවතුම්පළවලට ආරක්ෂක කැමරා සවිකිරීමට කටයුතු කරන බව ඌව පළාත් ප්‍රවාහන අමාත්‍ය සාළිය සුමේධ මහතා පැවසීය. 28 April 2019
අනන්‍යතාව තහවුරු නොකළ 13 ක් දඹුල්ලේදී අත්අඩංගුවට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද සිදු කළ පැය තුනක විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිය අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි වූ 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 28 April 2019
බදුල්ලේ දේවස්ථානවල දේවමෙහෙයන් ආරක්ෂිතව පැවැත්වේ බදුල්ල ශාන්ත මරියා දෙව්මැදුරේ සහ ශාන්ත මාර්ක් දේවස්ථානයේ අද(28) පෙරවරුවේ යුදහමුදා සහ පොලිස් ආරක්ෂාව යටතේ දේවමෙහෙයන් පැවැත්විණි. 28 April 2019
වැල්ලවත්තේ නිවසකින් සැඟවූ ලිපි තොගයක් සොයාගනී වැල්ලවත්ත ප්‍රදේශයේ පොලිසිය කළ නිවාස සෝදිසියක දී බෙදා නොගෙන සඟවා තබන ලද ලිපි 200කට අධික ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තු සේවකයෙකුගේ නිවසින් හමුවී ඇත. 28 April 2019
පුත්තලමේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් වෙන්නප්පුව අලුත්පාරේ කොහු අපනයන සැකසුම් කර්මාන්තශාලාවක අද (28) ඇති වූ ගින්නකින් කර්මාන්ත ශාලාවට හානි සිදුව ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 28 April 2019
ඇදිරිනීතිය කඩකළ 804ක් කුරුණෑගලින් අත්අඩංගුවට රජය විසින් පනවන ලද පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 804 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේවනවිට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 28 April 2019
‘කැමා‘ වර්ගයේ කමිසයක් ඇතුළු උපකරණ තොගයක් මැදිරිගිරියෙන් සොයා ගනී මැදිරිගිරිය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් එක්ව මැදිරිගිරිය අවට මුස්ලිම් ගම්මාන රැසක කළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා කැමා වර්ගයේ කමිසයක්, ටී 56 මැගසින් රඳවන පූචස් එකක් සහ අඩි 1 අඟල් 11 දිගින් යුත් කඩුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. 28 April 2019
ඇළකට වැටී සිඟිත්තෙක් මරුට අංගමුව, යාය 07 ප්‍රදේශයේ කුඹුරකට ජලය රැගෙන යන ඇළකට වැටි අවුරුදු එකයි මාස දෙකක් වයසැති සිගිත්තෙකු අද (28)දින මිය ගොස් ඇතැයි නොච්චියාගම පොලිසිය කියයි. 28 April 2019
පෙටිටිය වතුයායේ නාය අවදානමක් හේතුවෙන් පවුල් 23 ක් ඉවතට බලන්ගොඩ පෙටිටිය වතු යායේ ලයින් කාමර කිහිපයක් ආසන්නයේ නායයාමේ අවදානමක් හේතුවෙන් එම ලයින් කාමරවල පදිංචි පවුල් 23 ක සාමාජිකයන් පෙටිටිය දෙමළ විදුහලට සහ ඥාතී නිවෙස් වෙත අද (28) පෙරවරුවේ ඉවත් කළ බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසීය. 28 April 2019
වන අලියෙකු පහරදී කාන්තාවක් මරුට වන අලියෙකු පහරදීමෙන් වියපත් කාන්තාවක් අද (28) මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. 28 April 2019
ඇඳිරිනීතිය අස්සේ බූරුවා ගැසූ 10 ක් අත්අඩංගුවට බලන්ගොඩ විකිලිය සහ කිරිමැටිතැන්න ප්‍රදේශවල ඇඳිරිනීතිය පැවතියදී මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 28 April 2019
බන්ධනාගාරයෙන් පලා ආ සැකකරුවකු අල්ලයි ඇඳිරි නීතිය පැවතියදී කහතුඩුව පොලිස් වසමේ කළ හදිසි පරීක්ෂාවකදී වසර එකහමාරක් සිර දඬුවමක් නියමව බන්ධනාගාරගතව සිටියදී ඉන් පලාවිත් සැඟව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 28 April 2019
නිධන් හැරූ 10 ක් පන්නලින් අත්අඩංගුවට පොලීසිය නොමග යවමින් කුඩා දේවාලයක් පිහිටි නිවෙස් ඉදිරිපිට වැසිකිළි වළක් කපන මුවාවෙන් නවීනතම ස්කෑන් යන්ත්‍ර උපයෝගී කරගනිමින් නිධන් හාරමින් සිටි 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි. 28 April 2019
ඇදිරි නීතිය කඩ කළ 14 ක් යක්කලමුල්ලේදී අත්අඩංගුවට ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 14 දෙනෙකු, ත්‍රි රෝද රථ තුනක් හා යතුරුපැදියක් සමඟ යක්කලමුල්ල නගරයේ දි අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 28 April 2019
කැමා කමිසයකින් සැරසී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙක් අත්අඩංගුවට බදුල්ල ශාන්ත මාර්ක් දේවස්ථානයේ අද(28) ඉරිදා උදෑසන විශේෂ දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදී කැමා කමිසයකින් සැරසී දේවස්ථානය ඉදිරියෙන් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි පුද්ගලයකු තරණයේ යුද හමුදා සාමාජිකයන් විසින් අත්අඩංගුවට ගෙන බදුල්ල පොලිසියට බාරදී තිබේ. 28 April 2019
ක්‍රීඩා ගුරු පත්වීම් ලබා දීම කල් යයි ක්‍රීඩා පුහුණු ගුරුවරුන් සඳහා පත්වීම් ලබා දීමේ උත්සවය රටේ පවතින තත්ත්වය හේතුවෙන් කල් දැමූ බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 28 April 2019
ඌරන්ට ඇටවූ විදුලි උගුලක ගැටී අයෙක් මරුට යක්කලමුල්ල කොට්ටව ආරණ්‍ය පාරේ කැලෑබද ඉඩමක ඌරන් දඩයම් කිරීම සඳහා අටවන ලද විදුලි උගුලක ගැටීමෙන් මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි. 28 April 2019
බලන්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු 9 වැනිදා තෙක් රිමාන්ඩ් බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී ටී56 ජීව උණ්ඩ සහ පාර්ලිමේන්තුවේ පිවිසුම් මාර්ග සැළැස්මත්, ජංගම දුරකථන හා සිම්පත් තබාගත් සැකකරු අද (27) බලන්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. 27 April 2019
ගලහ ප්‍රදේශයේ ඉඩමක පිපිරීමක් ගලහ පල්ලෙ දෙල්තොට ප්‍රදේශයේ ඉඩමක අද දහවල් සිදුවූ විශාල හඬක් සහිත පිපිරීමක් නිසා ප්‍රදේශවාසීන් දැඩි බියකට පත්වී ඇත. 27 April 2019
පුස්ම ඇල්ලට පැන තරුණියක් මරුට දෙනියාය පොලිස් බල ප්‍රදේශයට අයත් හිගුරුහේන, පුස්ම ඇල්ලට පැන තරුණියක් අද (27) ප.ව .5.00 ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 27 April 2019
කඩුවක් සමග මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට තලවකැලේ, ශාන්ත ජනපදයේ නිවසක රහසිගතව සඟවා තිබු කඩුවක් සමග මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අද (27) අත්අඩංගුවට ගත්බව තලවකැලේ පොලීසිය පවසයි. 27 April 2019
හේයස් වත්තේ වතු නිවාසවල ගිලා බැසීම් හේතුවෙන් 34 දෙනෙකු ඉවත්කරයි කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේයස් වත්තේ ‘බී’ කොටසේ නිවාස නවයකින් යුතු වතු පේළි නිවසක බිත්ති පුපුරා, ඉරිතලා, ගිලා බැසීම හේතුවෙන් පවුල් 9ක 34දෙනෙකු 26දා සවස (ඊයේ) ඉන් ඉවත්කළ බව කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා පැවසීය. 27 April 2019
ඇඳිරිනීතිය වෙලේ නවාතැන් ගත් දෙදෙනා අත්අඩංගුවට ඊයේ (26) රාත්‍රියේ ඇල්ල දෙමෝදර මංසන්ධියේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන තරුණයින් දෙදෙනෙකු ඇල්ල පොලීසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඉදිරි මැයි මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා අද (27) නියෝග කළේය. 27 April 2019
ඇල්පිටිය නගරයේත් සෝදිසි මෙහෙයුම් ඇල්පිටිය නගරයේ සැකසහිත ස්ථාන පරික්ෂාවට ලක් කරමින් පොලිස් සුනඛ බවුෆර්ගේ (1087) සහයද ලබාගනිමින් ඇල්පිටිය පොලිසිය විසින් අද පෙරවරුවේ සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබීය. 27 April 2019
නීති විරෝධීව කොස් ලී ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරණ ලද රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඉරණ ලද කොස් ලී තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනෙක් අද (27) දහවල් 12.30 ට පමණ උළුවිටිකේදී අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය කියයි. පොලීසිය පවසන්නේ ඉරන ලද ඇල්බීසියා ලෑලි උඩින් දමා සඟවාගෙන මෙම කොස් දැව තොගය ප්‍රවාහනය කර ඇති බවයි. 27 April 2019
ගාල්ල - පෝද්දල ප්‍රදේශවලින් සැකපිට 7ක් අත්අඩංගුවට ගාල්ල පොලිස් වසම තුල සහ පෝද්දල පොලිස් වසම තුල අද (27) පෙරවරුවේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 27 April 2019
ජීව උණ්ඩ 07ක් මාතලෙන් සොයාගනී මාතලේ නගරයේ වළගම්බා පෙදෙසෙහි මාර්ගයක අතහැර දමාගොස් තිබුණු ජීව උණ්ඩ 07ක් සොයාගත් බව මාතලේ පොලිසිය කියයි . 27 April 2019
ඇල්ල පාරේ සැක කටයුතු පාර්සලයක් බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයෙන් හැරෙන කුඹල්වෙල - ඇල්ල මාර්ගයේ බෝක්කුව ආසන්නයේ යම් කිසිවෙකු විසින් දමා ගොස් තිබූ සැක කටයුතු බෑගයක් අද (26) පස්වරුවේ දී සොයා ගනු ලැබීය. 26 April 2019
බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ආශිර්වාද පුජාවක් කුරිරු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සඳහා පිං පැමිණවීමේ හා රෝගී වී රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අය සඳහා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පිං පැමිණවීම හා ආශිර්වාද පූජාවක් අද (26) රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් ඉදිරිපිට දී පැවැත්විණි. 26 April 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025