(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද සිදු කළ පැය තුනක විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිය අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි වූ 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීහු සිය දෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළුවීමේ සහ පිටවීමේ ගේට්ටු සියල්ල වසා දමා ආර්ථික මධ්‍යස්ථානය තුළ විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළහ.
මෙහිදී සිය අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි වූ පුද්ගලයන් 13 දෙනෙකු පොලිස් භාරයට ගැණුන අතර එක් මුස්ලිම් ජාතිකයෙකු, සිංහල ජාතිකයෙකුට අයත් වාහන රියදුරු බලපත්‍රයක් ළඟ තබාගෙන සිටි අයකුද අත්අඩංගුවට පත් වූවන් අතර සිටින බව දඹුල්ල පොලිසිය කියයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට පත් දහතුන් දෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඉදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අනන්‍යතාව තහවුරු නොකළ 13 ක් දඹුල්ලේදී අත්අඩංගුවට