IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඌරන්ට ඇටවූ විදුලි උගුලක ගැටී අයෙක් මරුට

(ජී. ඩබ්ලිව්. කේ. පේ‍්‍රමතිලක ද සිල්වා)
 
යක්කලමුල්ල කොට්ටව ආරණ්‍ය පාරේ කැලෑබද ඉඩමක   ඌරන් දඩයම් කිරීම සඳහා අටවන ලද විදුලි උගුලක ගැටීමෙන් මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.
 
එම තැනැත්තා ඉඩමේ පුවක් ඇහිඳීමට ගිය අවස්ථාවේ විදුලි සැර වැදී ඇතැයිද පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවද පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ 41 හැවිරිදි එක්දරු පියෙකි. 
 
දැනට සිරුර සිද්ධිය වූ ස්ථානයේම තිබෙන අතර මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය කොට්ටව හදිසි මරණ පරික්ෂකවරයා විසින් සිදුකිරීමට නියමිතය.
 
විදුලි උගුල අටවා තිබූ ඉඩමේ හිමිකරු මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ඌරන්ට ඇටවූ විදුලි උගුලක ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site