පිපිරීමක් විය හැකි’යි බොරු එස්. එම්. එස්. යැවූ තරුණියක් අත්අඩංගුවට දකුණු පළාත තුළ විශාල පිපිරීමක් සිදු විය හැකි බව පවසා අසත්‍ය එස්. එම්. එස්. පණිවුඩයක් ජංගම දුරකතන වෙත යවා මහජන කැළඹීමක් ඇති කළ බව කියන තරුණියක් අද(26) ගන්දර තලල්ල ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්නකිරීම සඳහා අත්අඩංගුවටගත් බව ගන්දර පොලීසිය පවසයි. 26 April 2019
ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර පහන් 1500ක් දල්වති ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිකරමින් සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමින් නොර්ටන්බ්‍රිජ් නගරයේදී පහන් 1500 ක් දල්වා සර්වආගමික වතාවත් පැවැත්විණි. 26 April 2019
ශීතකරණය ගන්න ගිය කතකට ව්‍යාපාරිකයකුගෙන් අතවර ගෙවීමේ ක්‍රමයට ශීතකරණයක් මිලදී ගැනීමට පදවිය ව්‍යාපාරික ස්ථානයකට ගොස් සිටියදී මවකට අතවර කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය කියයි. 26 April 2019
වීසා නොමැතිව සිටි ඉන්දියන් ජාතිකයකු අත්අඩංගුවට වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටි ඉන්දියන් ජාතිකයකු හම්බන්තොට නගරයේ දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි. 26 April 2019
මධුසමය ගත කරන්න ලංකාවට ආ බ්‍රිතාන්‍ය කාන්තාවක් මරුට මධුසමය ගත කිරීම සඳහා පැමිණ ගාල්ලේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නතරව සිටි විදේශීය අඹුසැමි යුවළක් හදිසියේම රෝගාතුර වී කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම කාන්තාව මිය ගිය බව පොලිසිය පවසයි. 26 April 2019
පුත්තලම නගරාධිපතිගේ මස්සිනා ගිනි අවි, ගංජා සමඟ අත්අඩංගුවට පුත්තලම නගරාධිපතිවරයාගේ සමීපතම ඥාතියකු (මස්සිනා) ගිනි අවියක් සහ ජීව උණ්ඩ 5ක්, හිස් කොපුවක් සහ ගංජා මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 26 April 2019
ගව ඝාතකාගාරයක වළකට වැටී නගර සභා සේවකයෝ 4 ක් මරුට වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වළකට වැටී නගර සභා සේවකයින් සිව් දෙනෙකු අද (25) මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි. 25 April 2019
පෞද්ගලික බස් ආදායම සියයට 75කින් පහළ ගිහින් දැනට රට තුළ උද්ගතව පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස් රථ වල දෛනික ආදායම 75%ක පමණ පහළ බැස ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 25 April 2019
බෝම්බ බියක් නිසා දඹුල්ලේ කළබලයක් දඹුල්ල නගර මධ්‍යයේ සැක කටයුතු යතුරු පැදියක් සහ දඹුල්ල නගර ආසන්නයේ සුපිරි පන්තියේ හෝටලයක සැක කටයුතු පාර්සලයක් තිබී අද(25) දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය. 25 April 2019
බදුල්ලේ සැක සහිතව සැරිසෑරු දෙදෙනාගෙන් අයෙක් පොලීසියට එයි බදුල්ල නගරයේ සැක සහිත ලෙස හැසිරීම හේතුවෙන් පොලීසිය සොයමින් සිටි සැකකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙකු පොලීසිට පැමිණ තිබේ. 25 April 2019
බදුල්ලේ සැරිසැරූ දෙදෙනෙක් සොයා පරීක්ෂණ බදුල්ල නගරයේ සැක සහිතව ගැවසුණු පුද්ගලයින් දෙදෙනකු ගැන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 25 April 2019
මන්නාරමේ තෙවැනි දිනටත් කඩ වසයි කොළඹ සහ මඩකලපුවේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන්ට විරෝධය පා අද (25) තෙවැනි දිනටත් මන්නාරම් නගරයේ වෙළඳසැල් රැසක් වසා දැමීමට මන්නාරමේ වෙළෙන්ඳන් විසින් පියවර ගෙන ඇත. 25 April 2019
වල් ඌරන් දඩයම් කළ අයෙක් අත්අඩංගුවට ආණමඩුව තල්ගස්වැව ප්‍රදේශයේ කෑලෑවන් තුළ බදින කදන් අටවා වල් ඌරන් දඩයම් කිරීමේ නිරතව සිටි දඩයක්කරුවකු අද (25) නවගත්තේගම වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 25 April 2019
දෙමටගොඩ පිපීරිමෙන් මියගිය ගෙලිඔය සැරයන්ගේ අවසන් කටයුතු අද දෙමටගොඩ දෙමහල් නිවසේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් භාතිය බන්ඩාර රත්නායක මහතාගේ අවසන් කටයුතු අද (24) ගෙලිඔය කොස්සින්න පොදු සුසානභුමියේදී සිදුකෙරිණි. 24 April 2019
දෙමටගොඩ පිපිරීමෙන් මියගිය පොලිස් පරීක්ෂක අද අවසන් ගමන් යයි දෙමටගොඩ දෙමහල් නිවසේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් කොළඹ විශේෂ දූෂණ මර්ධන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම් සදුන් රෝහණ බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද (24) පිළියන්දල බටුවන්දර පොදු සුසානභුමියේදී සිදුකෙරිණි. 24 April 2019
රථ ගාලක දින 4 ක් නවතා තිබූ යතුරුපැදියක් සමඟ සැකකරුවන් 2 ක් අත් අඩංගුවට සාලියවැව අලුත්ගම මංසන්ධියේ දේවස්ථානයට යාබද රථ ගාලක දින 4ක සිට නවතා තිබූ බව කියන යතුරුපැදියක් රැගෙන යාමට අද (24) සවස පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම යතුරු පැදියද සමඟ අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය කියයි. 24 April 2019
බන්ධනාගාර නිලධාරීන් 22කට උසස්වීම් බන්ධනාගාර අධිකාරි හා සහකාර අධිකාරිවරුන් ලෙස නිලධාරීන් 22දෙනෙකුට උසස්වීම් ලබාදී ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි. 24 April 2019
දෙමටගොඩ පිපිරීමෙන් මියගිය සැරයන් අවසන් ගමන් යයි දෙමටගොඩ දෙමහල් නිවසේ සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් ලහිරු උමේෂ් දුලංජන මහතාගේ අවසන් කටයුතු අද (24) එනම් ඔහුගේ 29 වැනි උපන් දිනය යෙදුණු දින පොලිස් ගෞරව ආචාර ඇතිව කැකිරාව දඔලු හල්මිල්ලෑව ගීරානගම පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. 24 April 2019
බෝම්බ ප්‍රහාරයෙන් කටාන ප්‍රා සභා මන්ත්‍රීවරයකුත් බිරිඳත් මරුට පසුගිය පාස්කු ඉරිදා කටාන කටුවපිටියා සාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සනත් රෝහන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ බිරිඳ වන ඉන්දිරා ප්‍රනාන්දු මහත්මියද මියගොස් තිබේ. 24 April 2019
පුතු පිළිස්සූ මවට වසර 6කට පසු සිර දඬුවම් තම පුතු විදුලි ඉස්ත්‍රික්කයෙන් පිළිස්සීමේ අධි චෝදනාවට වරද පිළිගත් විත්තිකාර මවකට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිශ්ශංක මහතා අද (24) බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් 5,000ක දඩයක් නියම කර සිර දඬුවම වසර දහයකට අත් හිටුවනු ලැබීය. 24 April 2019
‘කවුළු නිලධාරියා ඉදිරියේ තැපැල් පාර්සල් ඇසුරුම් කරන්න’ දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකරන පාර්සල් සහ තැපැල් කාර්යාලවල කවුළු නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක් තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සියලු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇත. 24 April 2019
ඇදිරිනීතිය තිබියදී මත්ද්‍රව්‍ය සමඟ නිවසකට රැස්ව සිටි 5ක් අත්අඩංගුවට ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 1කණුව ප්‍රදේශයේ නිවසක සැකක කටයුතු ලෙස රැස්ව සිටි පුද්ගලයන් පස්දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 24 April 2019
බෝර දොළහේ ගිනිඅවි පතුරොම් 4ක් සමඟ අයෙක් අත්අඩංගුවට කළුබෝවිල සරණංකර පාරේ අතුරු මාර්ගයකදී බෝර 12 වර්ගයේ ගිනි අවි පතුරොම් 4ක් සමඟ පුද්ගලයකු අද(23) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. 23 April 2019
පුත්තලම ප්‍රා.සබේ විපක්ෂ නායක රිමාන්ඩ් පුද්ගලයකු පැහැරගෙන ගොස් පහර දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුත්තලම පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලබන මස 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස අද නියෝග කළේය. 23 April 2019
දෙමටගොඩ ප්‍රහාරයෙන් මියගිය සැරයන්ගේ අවසන් කටයුතු හෙට කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී දෙමටගොඩ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ (24) දේහය මහනුවර කැටකුඹුර ලිමගහකොටුව නිවසට ගෙනඑනු ලැබිණි. 23 April 2019
පෝය දින මත්පැන් විකිණූ හිමිකරුවකුට දඩ පෝය දින මත්පැන් විකුණු නවගමුව ආපනශාලාවක අයිතිකරුවෙකුට සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 7 ක දඩයක් අද (23) නියම කළේය. 23 April 2019
අත්අඩංගුවට ගත් දෙමළ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ශරීර ඇප මත නිදහස් මුලතිව්හි පැවති උද්ඝෝෂණයකදී නාවික හමුදා සෙබළෙකුට පහරදුන්නේයැයි අත්අඩංගුවට ගත් දෙමළ ප්‍රාදේශීය මාධ්‍යවේදියා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට මුලතිව් වැඩ බලන මහේස්ත්‍රාත් ටී. පරංජෝති මහතා නියෝග කළේය. 23 April 2019
දුරකථන කුළුණකින් සොරාගත් බැටරි 13ක් සමඟ 3ක් අල්ලයි පල්ලම කම්මන්දළුව ප්‍රදේශයේ වෑන් රථයකින් සංඥා කුළුණු වලින් ගලවා ගෙන යමින් තිබු බැටරි 13 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි. 23 April 2019
ගෙවත්තකින් ‘ෂොට් ගන්’ වර්ගයේ ගිනිඅවියක් හමුවේ හපුතලේ පොලිස් බල ප්‍රදේශයේ මාගිරිපුර නිවසක ගෙවත්තකින් අද(23) ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සොයාගත් බව හපුතලේ පොලිසිය කියයි. 23 April 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025