(ඔගස්ටින් ප්‍රනාන්දු)
පල්ලම කම්මන්දළුව ප්‍රදේශයේ වෑන් රථයකින් සංඥා කුළුණු වලින් ගලවා ගෙන යමින් තිබු බැටරි 13 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි.
පල්ලම පොලිසිය නිලධාරීන් පිරිසක් මුර සේවයේ නිරතව සිටියදී මෙම වෑන් රථය නවතා පරීක්ෂා කර ඇත.
බැටරි එක්තරා පුද්ගලයෙකුට බාර දෙන ලෙසට දුන් බව වාහනයේ සිටි තිදෙනා පවසා ඇති බවත් පොලිසිය පවසයි.
පොලිසිය විසින් මේ බව දුරකතන සමාගම්වලට දැනුම් දුන් පසු බිංගිරිය වීරපොකුණ දුරකතන කුළුණක සවි කර තිබූ බැටරි 15 න් 13 ක් කිසිවකු ගලවාගෙන ගොස් ඇති බවත් එම සමාගමේ නියෝජිතයෙකු පැමිණ අත් අඩංගුවට ගෙන ඇති බැටරි තම සමාගමට අයත් ඒවා බබවට තහවුරු කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව සහ කොටවෙහෙර පොලිස් වසමේ පදිංචි වයස 32ත් 27 ත් අතර පසුවන අය බවත් කියයි.
සැකරුවන් ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුරකථන කුළුණකින් සොරාගත් බැටරි 13ක් සමඟ 3ක් අල්ලයි