IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බෝම්බ බියක් නිසා දඹුල්ලේ කළබලයක්

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල නගර මධ්‍යයේ  සැක කටයුතු යතුරු පැදියක් සහ දඹුල්ල නගර ආසන්නයේ සුපිරි පන්තියේ හෝටලයක  සැක කටයුතු පාර්සලයක්  තිබී අද(25)  දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය.
 දඹුල්ල නගර මධ්‍යයේ බස්නාහිර  පළාතේ ලියාපදිංචි අංක  සහිත ස්කූටර්   වර්ගයේ යතුරු පැදියක් උදෑසන සිට දහවල් දක්වා නවතා තිබෙන බවත් එහි කිසිදු අයිතිකාරයකු රැගෙන නොගිය බව ප්‍රදේශවාසීන් විසින් දඹුල්ල මුලස්ථාන පොලීසියට දැනුම් දී තිබිණි.

ඒ අනුව පොලිසිය ගොස් පැය කීපයක්   පරික්ෂා කළ   පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්  යුද හමුදාව ගුවන් හමුදාව  වහා එම ස්ථානයට ගෙන්වන්නට වූහ.

 පැය කීපයක් දැඩි පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව දඹුල්ල නගර මධ්‍යයෙන් ඒ නවය සහ  ඒ 6 ප්‍රධාන මාර්ග දෙකම එකට පිහිටි ප්‍රදේශයේ දී සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනය නවතා මෙම යතුරුපැදිය පුපුරවා හැරීමට උත්සාහ කරන අවස්ථාවේ යම් කිසි අයෙකු පැමිණ එම යතුරු පැදිය තමා ගේ මිතුරෙකුගේ බවත් ඔහු බස් රථ රියදුරෙකු වන බැවින් තාවකාලිකව හදිසියේ රියදුරෙකුට අසනීප වී කුරුණෑගල දඹුල්ල සිට කුරුණෑගල දක්වා බස් රථයක් පැදවීම සඳහා යතුරු පැදිය මෙම ස්ථානයේ දමා ගිය බව සඳහන් කළේය.

 යතුරුපැදිය  දමා ගේ පුද්ගලයා ද පැමිණි අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

එම සිද්ධිය   අතරතුරදී දඹුල්ල නගර මධ්‍යයේ  පිහිටි හෝටලයක ප්‍රධාන ශාලාවේ වේදිකාව යට යම්කිසි බටයක් වැනි දෙයක් ඝනකම කඩදාසියකින් ඔතා දමා තිබෙන බවයි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට තොරතුරු ලැබුණේ මංගල සාදයේ සිටි සියලු දෙනා එම සාදය නවතා හිස් ලූ ලූ අත දිව යන්නට වූ බවයි. 

  අනතුරුව ආරක්ෂාවක් යොදවාපසුව සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිශ්ක්‍රීය අංශය දඹුල්ල පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ දඹුල්ල පොලිසිය යුද හමුදාව ගැන එම ස්ථානයේ දැඩි පරීක්ෂාවට ලක් කොට සෝදිසි කිරීමේදී හෙළි වී ඇත්තේ මීට පෙර පවතී  මංගල සාදයක් සදහා  මල් වෙඩිල්ලක්  රැගෙන ආ  කොපුවක් ගණ කඩදාසියක ඔතා  හෝටලය  තුළ දමා ගොස් ඇති බවයි .

මෙම අවස්ථා දෙකටම විශාල පොලිස් ආරක්ෂාවක් දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථය මෙන්ම දඹුල්ල රෝහලේ ගිලන්රථ කාර්යමණ්ඩලය කැඳවීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබිණි.



අදහස් (0)

බෝම්බ බියක් නිසා දඹුල්ලේ කළබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site