මේස් කුට්ටමේ මත්කුඩු ගෙනා බන්ධනාගාර නියාමක අල්ලයි සිය නිළ ඇඳුමේ මේස් කුට්ටම තුළ සඟවාගෙන මත්කුඩු පැකට් දෙකක් කළුතර බන්ධනාගාරය තුළට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙක් එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත් අඩංගුවට ගෙන ඇත. 22 April 2019
අකුණු සැර වැදී පිය-පුතු දෙදෙනෙක් මරුට අකුණුසැර වැදීමෙන් පිය පුතු දෙපලක් අද (22) මියගොස් ඇති බව පිටිගල පොලිසිය පවසයි. 22 April 2019
බෝම්බ ප්‍රහාර හෙළාදකිමින් මන්නාරමේ හර්තාල් කිතුණු දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකට වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාර හෙළාදකිමින් හා ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරම වෙළඳ ප්‍රජාව සිය කඩසාප්පු වසා දමා කළුකොඩි ඔසවා අද(22) හර්තාල් ව්‍යාපාරයක නිරතවූහ. 22 April 2019
සතියක් ඇතුළත අකුණුසැර වැදී 6ක් මරුට අකුණු අනතුරු හේතුවෙන් ගත වූ සතියක පමණ කාලයේදී මරණ 6ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 22 April 2019
අකුණුසැර වැදී තරුණයෙක් මරුට - අයෙක් රෝහලේ මුලතිව් විශ්වමඩු පුත්තඩි ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු රෝහල්ගත කර ඇති බව විශ්වමඩු පොලීසිය පවසයි. 22 April 2019
ඇඳිරිනීතිය තිබියදී ගංජා සහ බීඩි ගෙනගිය පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවති අවස්ථාවේදී දන්කොටුව පන්නල මාර්ගයේ සිංගක්කුලිය ප්‍රදේශයේදී පාපැදියකින් ගංජා හා බීඩි ගෙනයමින් සිටි පාසැල් සිසුන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය කියයි. 22 April 2019
ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් රටපුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි. 21 April 2019
දික්ඔය වතුයායේ කම්කරුවන් විරෝධයක දික්ඔය ටිලරි වතුයාය වසා දැමිමට විරෝධය පල කරමින් එම වතුයායේ කම්කරුවන් පිරිසක් අද (21වැනිදා) හැටන් මල්ලි අප්පුව ප්‍රදේශයේදි උද්ගෝෂණයක් පවත්වා ඇත. 21 April 2019
අරලගංවිල පිරිමි මළසිරුරක් අරලගංවිල පොලිස් වසමට අයත් දිඹුලාගල, සොරිවිල ගම්මානයට නුදුරු වෙල්යායක තිබී පිරිමි පුද්ගල මල සිරුරක් අද උදෑසන 7.00 ට හමුවී ඇතැයි අරලගංවිල පොලීසිය පවසයි. 21 April 2019
දිගන ධීවරයන්ගේ ඔරුවලට ගිනිතබලා දිගන, කුඹුක්කදුර ප්‍රදේශයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියුතු ධීවරයන්ගේ ඔරු කිහිපයක් මහවැලි ගං ඉවුරේ නවතා තිබියදී කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇත. 21 April 2019
තහනම් ධීවර දැල් 181 ක් මඩකළපුවෙන් සොයාගනී මඩකළපුව, කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 181 සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ. 21 April 2019
රිිය අනතුරකින් 6 ක් රෝහලේ කොග්ගල සංචාරක හෝටලයක් ඉදිරිපිටදී අද (20) මෝටර් රථයක් මාතර සිට කොළඹ දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක ගැටීමෙන් වූ අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් 6 දෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව හබරාදුව පොලිසිය කියයි. 20 April 2019
ගිනි අවි - පතරොම් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ බෝර දොළහේ පතරොම් පහක් ළඟ තබා ගෙන සිටි අයෙකු බැදිගම කටුවැවගොඩදී අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසයි. 20 April 2019
බඹර ප්‍රහාරයකින් 28 ක් රෝහලේ මහනුවර දෙල්තොට ලුල්කදුර තේ වත්ත නැරඹීමට ගිය දේශීය සංචාරකයින් පිරිසකට අද (19) එල්ල වූ බඹර ප්‍රහාරයකින් 28 දෙනෙකු තුවාල ලබා දෙල්තොට රෝහලට ඇතුළත් කරනු ලැබීය. 19 April 2019
හෙරොයින් සමඟ පුද්ගලයෙකු කොටුවෙයි වත්තල දික්ඹ්විට ප්‍රදේශයේදී රුපියල් එක් කෝටි පන් ලක්ෂයක හොරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි. 19 April 2019
අඹු සැමි යුවළ ඝාතනයට සැකපිට අයෙක් අත්අඩංගුවට ගලේවෙල දේවහුව කී ඇල ප්‍රදේශයේ අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කොට පලා ගිය සැකකරුවෙකු අද(19) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි. 19 April 2019
දිවියාගේ පහරකෑමට ලක් වූ අනික් තරුණයා අම්පාර මහරෝහලට කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියකුගේ පහරකෑමකට ලක්වූ චාමර සම්පත් අබේසිංහ (24 ) නැමැත්තා අද (19) පෙරවරුවේ අම්පාර මහ රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙනතිබිණි. 19 April 2019
ලක්ෂ 35 ක් හොරොන් රැගෙන ගිය දෙදෙනක් අත්අඩංගුවට මහ රෑ ත්‍රිරෝද රථයකින් රුපියල් ලක්ෂ තිස්පහක මුදලක් රැගෙන ගිය බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වීරඟුල පොලීසිය පවසයි. 19 April 2019
වන අලියකු පහරදී තිදරු පියා මරුට දෙහිඅත්තකණ්ඩිය, පුස්සලවින්න, මාවනාගම ප්‍රදේශයේදී අද (19) වන අලියෙකු පහරදීමෙන් තිදරු පියෙකු මිය ගොස් ඇතැයි දෙහිඅත්තකණ්ඩිය පොලීසිය කියයි. 19 April 2019
වාට්ටුවක උඩුමහළින් වැටී රෝගියෙක් මරුට කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අද (19) අලුයම එම වාට්ටුවේ උඩුමහලින් බිමට වැටි මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 19 April 2019
සිවුරු ගල මත චෛත්‍යයක ආකෘතියක් බුදුන්වහන්සේ කැළණියට වැඩම කළ අවස්ථාවේ බුද්ධ චීවරය පිරිසිදු කරගැනීමට භාවිත කරන ලද සිවුරු ගල කැලණි ගංඉවුරේ විශේෂ මණ්ඩපයක තැන්පත් කර, ඒ මත චෛත්‍යයක ආකෘතියක් කරවා ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ අවස්ථාව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 18 April 2019
මුහුදු හක්බෙල්ලන් 340ක් සමඟ අයෙක් අත්අඩංගුවට සිලාවතුර කොක්කුපඩයාන් හන්දියේදී නීතිවිරෝධීව මුහුදු හක් බෙල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව සිලාවතුර පොලිසිය කියයි. 18 April 2019
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැළී 9ක් රෝහලේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් වටවල ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් ගත් නවදෙනෙකු තුවාල ලබා ඇතැයි වටවල පොලිසිය පවසයි. 18 April 2019
පන්නිපිටියේ නිෂ්පාදන කම්හලක ගින්නක් පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ බෑග් හා ලිපි කවර නිෂ්පාදන කාර්මාන්ත ශාලාවක සිව් මහල් ගොඩනැගිල්ලක අද (18) අලුයම ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. 18 April 2019
යතුරුපැදි අනතුරකින් සිසුවෙක් මරුට නැලිගම ගුරුගොඩැල්ල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගනිමින් සිටි සිසුන් දෙදෙනෙකුගෙන් අයෙක් මියගොස් අනෙක් සිසුවා තුවාල ලබා ඇති බව මීරිගම පොලිස් රථවාහන අංශය පවසයි. 18 April 2019
වියලුවටත් මහ වැසි මාස තුනකට ආසන්න කාලයක් පැවැති නියගය නිමා කරමින් පිටමාරුව, මීගහකිවුල, බලගොල්ල ,තල්දෙන සහ වියලුව යන ප්‍රදේශ වලට අද (17) සවස 5.00 ට පමණ ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලුණු බව එම ප්‍රදේශවල ජනතාව පවසති. 17 April 2019
අධිවේගී මගේ අනතුරු අඩුවෙයි මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල අනතුරු පසුගිය වසරට වඩා 8% කින් අඩුවී ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කාර්යාලය පවසයි. ඉකුත් 5 දා සිට 16 දක්වා දින 12 ක් ඇතුළත සුළු අනතුරු කීපයක් හැරුණු විට මාරක රිය අනතුරු වාර්තා වී නැතැයි එහි අධ්‍යක්ෂක සමන් ඕපනායක මහතා පැවසීය. 17 April 2019
දේවාලයේ තිබූ වාලම්පුරි දෙකක් සොරා ගනී මුන්නේශ්වරම් සොහොන් කාලි කෝවිලේ තබා තිබු වාලම්පුරි දෙකක් අද (17) කෝවිලට රහසේ ඇතුළු වු දෙනෙකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි. 17 April 2019
ගාල්ලේ ඩෙංගු හිස ඔසවයි ඩෙංගු රෝගීන් 33ක් මේ වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඩෙංගු බවට සැකකරන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බවත් කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ සංජීව අමදෝරු මහතා පැවසීය. 17 April 2019
උත්සව සමයේ අනතුරුවලින් 96ක් හම්බන්තොට රෝහලට අවුරුදු සමයේ සිදු වූ විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 96 දෙනෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතා පවසයි. 17 April 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025