බුදුන්වහන්සේ කැළණියට වැඩම කළ අවස්ථාවේ බුද්ධ චීවරය පිරිසිදු කරගැනීමට භාවිත කරන ලද සිවුරු ගල කැලණි ගංඉවුරේ විශේෂ මණ්ඩපයක තැන්පත් කර, ඒ මත චෛත්‍යයක ආකෘතියක් කරවා ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ අවස්ථාව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ මැදිහත්වීමෙන් බස්නාහිර පළාත් මුල්‍ය ප්‍රතිපාදන මගින් මෙම කටයුතු සිදුකෙරිණි.
එම අවස්ථාවට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, බස්නාහිර පළාත් ආර්ථික ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනක කොලොන්නගේ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
බුදුරජාණන් වහන්සේ කැලණිය රජමහා විහාරස්ථානයට වැඩම කර මෙම වෙසක් පොහෝ දිනට වසර 2600 ක් ගතවන බැවින් එය නිමිතිකරගෙන වෙසක් කලාපයක් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති අතර එදිනට සිවුරුගල තැන්පත් කරන ලද විශේෂ මණ්ඩපය බෞද්ධ ජනතාවට වන්දනාමාන කර ගැනීම සඳහා විවෘත කිරීමට නියමිතය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් වහන්සේ සසර පුරා අනෙක දුක් විඳිමින් පෙරුම් පුරා සසර සත්ත්වයා ගැන මහත්වූ අනුකම්පාවෙන් ඔවුන්ව අපමණ භයන්කාර වූ සසර දුකෙන් ගලවා ගැනීමට කියා දුන් මාර්ගය ගැන සිතන්න....