IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පන්නිපිටියේ නිෂ්පාදන කම්හලක ගින්නක්

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

 

පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ බෑග් හා ලිපි කවර නිෂ්පාදන කාර්මාන්ත ශාලාවක සිව් මහල් ගොඩනැගිල්ලක අද (18) අලුයම ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

එහි ගබඩා කර තිබූ නිමි ලිපි කවර හා බෑග් තොගයක් සමඟ වාහන තුනක්  ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

අවුරුදු නිවාඩුව හේතුවෙන් කර්මාන්ත ශාලාව වසා දමා තිබූ නිසා කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.

ගොඩනැගිල්ලේ පහළ මාලයේ ගින්න හටගෙන ඇති අතර පසුව ක්‍රමයෙන් ඉහළ මහළ දක්වා පැතිරී ගොස් ඇත.

කෝට්ටේ සහ දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවලට අයත් ගිනි නිවන රථ 2 ක්, ජල බවුසර 3 ක් සමඟ සේවකයින් 23 ක් පැමිණ පැය දෙකකට ආසන්න කාලයක් මහත් පරිශ්‍රමයක් දරා ගින්න මැඩපවත්වා ඇති බව සඳහන් කරයි.

 



අදහස් (0)

පන්නිපිටියේ නිෂ්පාදන කම්හලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site