(ඩයනා උදයංගනී)
අකුණු අනතුරු හේතුවෙන් ගත වූ සතියක පමණ කාලයේදී මරණ 6ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම අනතුරුවලින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ උතුරු පළාතෙනි.
යාපනය දිස්ත‍්‍රික්කයේ උඩුවිල් ප‍්‍රදේශයෙන් මරණ තුනක් හා මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයෙන් එක් මරණයක් වශයෙන් මරණ හතරක් වාර්තා වී ඇත.
උඩුවිල් ප‍්‍රදේශයේ සිදුවූ අකුණු අනතුරකින් ඉකුත් 16 වැනිදා පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනකු මිය ගිය අතර ඉකුත් 19 වැනිදා පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් තරුණයෙකු මිය ගොස් ඇතැයි කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේය.
මීට අමතරව උතුරු පළාතේ උඩුවිල් ප‍්‍රදේශයේම ඉකුත් 17 වැනිදා සිදුවූ අකුණු අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ දී සිදුවූ අකුණු සැරවැදීමේ සිද්ධියේදී ද අයෙක් තුවාල ලබා ඇති බව ඔහු කීවේය.
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගිරිබාව ප‍්‍රදේශයේදී ඉකුත් 13 වැනිදා ඇතිවූ අකුණු අනතුරකින් ද අයෙක් මියගොස් ඇති අතර, උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රඹෑව ප‍්‍රදේශයේ සිදුවූ අකුණු අනතුරකින් ද අයෙක් මියගොස් තිබේ.
ඉදිරි දිනවලදීත් ප‍්‍රබල අකුණු ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතියක් ඇතුළත අකුණුසැර වැදී 6ක් මරුට