පූජාපිටිය ප්රා. සභාවේ උප සභාපති ඉවත් වෙයි
පූජාපිටිය ප්රාදේශීය සභාවේ උප සභාපතිවරයා වශයෙන් ආණ්ඩු පක්ෂයට ලබා දෙන සහාය ඉවත් කර ගෙන සභාවේ ස්වාධීන මන්ත්රීවරයෙකු වශයෙන් මින් ඉදිරියට කටයුතු කරන බව පූජාපිටිය ප්රාදේශීය සභාවේ උප සභාපති ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය නියෝජනය කරන ඒ. එල්. එම්. රසාන් මහතා අද (09) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ප්රකාශ කළේය.