IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුපුරණද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ දෙදෙනෙක් අල්ලයි

(අමදෝරු අමරජීව)
 
සාම්පුර් පාවුල් තුඩුව මුහුදේ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ සැකකරුවන් දෙදෙනෙකු  නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.  
 
මාළු තොගය, යාත්‍රාව, එන්ජිම සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා චීනවරාය පොලිසියට භාරදී ඇත.
 
ශ්‍රි ලංකා නාවික නෞකා “මහවැලි“ කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව චීනවරාය වෙරළේ  රැක සිටි භට පිරිස් මොවුන් අත්අඩංගුවට ගත්හ.
 
සැකකරුවන් සතුව තිබී බෝල්ලා නැමැති මසුන් කිලෝග්‍රෑම් 251ක් සමඟ කිමිදුම් උපකරණ පොලිසිය බාරයට ගෙන තිබේ. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කින්නියා ප්‍රදේශයේ  පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් මාළු, යාත්‍රාව හා සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට  නියමිතය.



අදහස් (0)

පුපුරණද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ දෙදෙනෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site