IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘උතුරේ පෞද්ගලික බස් වර්ජනයක් නෑ’


 
රොමේෂ් මධුෂංඛ

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (10) සංඛේත වැඩ වර්ජනයක නිරත වෙමින් ධාවන කටයුතු වලින් ඉවත් වුවද උතුරේ සියලුම පෞද්ගලික බස් රථ දෛනික ධාවන කටයුතුවල නිරත වන බව උතුරු පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියයි.

දිවයිනේ සෙසු පළාත් හි පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක වුවද අදාළ වර්ජනය සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් හෝ දැනුවත් කිරීමක් සිදු නොකිරීම නිසාවෙන් අද (10) සාමාන්‍ය පරිදි උතුරු පළාතේ මෙන්ම පළාතෙන් පිටත ද බස් ධාවන කටයුතු සිදු කෙරෙන බවට උතුරේ පෞද්ගලික බස් රථ හිමියෝ කියා සිටිති.

එමෙන්ම උතුරේ පෞද්ගලික බස් රථ හිමියන් කියා සිටියේ අලුත් අවුරුදු උදාවට දින කිහිපයක් තිබියදී මෙලෙසින් බස් වර්ජනය කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බැවින් මහජනතාවට හිරිහැරයක් නොවන පරිදි අවුරුදු උදාවෙන් පසුව එලඹෙන කිසියම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් තමන් දැනුවත් කරන්නේ නම් ඊට සහය දැක්වීමට සූදානම් බවද උතුරේ පෞද්ගලික බස් රථ හිමියන් වැඩිදුරටත් කියා සිටිති.



අදහස් (0)

‘උතුරේ පෞද්ගලික බස් වර්ජනයක් නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site