IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පූජාපිටිය ප්‍රා. සභාවේ උප සභාපති ඉවත් වෙයි

(මොහොමඩ් ආසික්)

පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වශයෙන් ආණ්ඩු පක්ෂයට ලබා දෙන සහාය ඉවත් කර ගෙන සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් මින් ඉදිරියට කටයුතු කරන බව පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ඒ. එල්. එම්. රසාන් මහතා අද  (09) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ප්‍රකාශ කළේය.

සභාපති අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පූජාපිටියේ පිහිටි ප්‍රාදේශිය සභාවේ රැස්වීම් ශාලාවේදී  අද  මෙම රැස්වීම පැවැත්විණ.
 
මෙයට වසරකට පෙර පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා ගැනීම සදහා තීරණාත්මක සාධකය වූ ශ්‍රී ලංකා මුස්ලිම්  කොංග්‍රසයේ මන්ත්‍රි ඒ. එල්. එම්. රසාන් මහතා අද (09) ආණ්ඩු පක්ෂයට ලබා දෙන සහාය ඉවත් කර ගැනීම සඳහා බලපෑ ආසන්නතම හේතුව වූයේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ වැඩමුළුවක් සඳහා පරිසර කමිටුවේ සභාපතිවරයා වශයෙන් උප සභාපතිවරයා සහ පරසර නිලධාරිනිය  ඉන්දියාවට යැවීම සඳහා ඉදිරිපත්ව තිබූ යෝජනාවකට මන්ත්‍රවරුන්  පිරිසක් විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි.
 
සභාව ආරම්භයේදී මෙම යෝජනාව  සභාපතිවරයාගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් වුවද සභාපතිවරයා සඳහන් කළේ මෙය තමාගේ යෝජනාවක් නොවන බවය. ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ වැඩමුළුව සඳහා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මැයි මස 30 සහ 31 දිනවල සහභාගි වීම සඳහා  පරිසර කමිටුවේ සභාපතිවරයා ලෙස උප සභාපතිවරයාත් පරිසර නිලධාරිණියත් යැවීම සදහා මහ සභාවේ අනුමැතියට ඉදිරිපත් කළ බවය.
 
කෙසේ නමුත් මෙම යෝජනාවට ඇතැම් මන්තත්‍රීවරුන් විරුද්ධ වීම නිසා යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීමක් අවශ්‍ය බව ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ. කෙසේ නමුත් ඡන්දයක් විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සභාව විනාඩි 10 කට කල් තැබූ අතර ඉන් අනතුරුව උප සභාපතිවරයා ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරුන්ගේ විරුද්ධාතාවය මත විදෙස් ගතවීමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බවත්  ලබන සතියේ තමන් පෞද්ගලික ගමනක් එම රටටම යන බවත් එවැනි ගමන් රැසක් තමන් ගොස් අති බවත් කීය. එම නිසා එම යෝජනාව ඉල්ලා අස් කර ගන්නා බවත් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම යෝජනාව සභාපතිවරයා ඉල්ලා අස් කර ගත්තේය.



අදහස් (0)

පූජාපිටිය ප්‍රා. සභාවේ උප සභාපති ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site