නීතිවිරෝධී තංගුස් දැල් සමඟ ධීවරයින් දෙදෙනෙක් අත්අඩංගුවට
කල්පිටිය උච්චිමුණේ දූපත සමීප මුහුදේ එලා තිබුණු, නීතිවිරෝධී තන්ගුස් දැල් කට්ටලයක් සමඟ ධීවරයින් දෙදෙනෙකු, අද(9) කල්පිටිය නාවුක හමුදා මුර සංචාරක යාත්රා මගින් අත් අඩංගුවට ගෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ, පුත්තලම කාර්යාලය වෙත භාර දී ඇත.