IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඌවේ කෘෂි නිලධාරීහු වර්ජනයකට සැරසෙති

(  ඩී.කේ.රත්න  )
 
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ඌව පළාතේ කාර්මික නිළධාරීන් හෙට (8) ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයක් අරඹා ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝණයක් පැවත්වීමට කටයුතු යොදා ඇතයි ඌව පළාත් තාක්ෂණ සේවා සංගමය පවසයි.
 
ප්‍රධාන වශයෙන් තම කාර්මික නිලධාරි සේවා ව්‍යවස්ථාව පිළිගන්නා ලෙසත්  ඉංජිනේරුවරයන් සදහා ලබා දෙන අවදානම් දීමනාව තමන්ටද ලබා දෙන ලෙසත් ඇතුලු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් මෙම කාර්මික නිළධාරීන් ලෙඩ නිවාඩු දමා උද්ඝෝෂණයක් කිරීමට කටයුතු කර ඇත.
 
ඌව පළාතට අයත් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක දෙකෙහි කාර්මික නිළධාරීන් හෙට උදැසන 9.00 ට බදුල්ල මුතියංගණ විහාරස්ථානය අසලට පැමිණ එතන් සිට බදුල්ල නගරයේ ප්‍රධාන වීදිය ඔස්සේ විරෝධතා පුවරු රැගත් විරෝධතා පාගමින් ඌව පළාත් සභාව ඉදිරිපිටට පැමිණ එම ස්ථානයේ උද්ඝෝෂණ  පැවත්වීමට නියමිතය.
 
මේ පිළිබද තමන් වරින් වර අදාල බලධාරීන් දැනුවත් කර ඇතත් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් කටයුතු නොකල නිසා මුල් පියවර වශයෙන් ලෙඩ නිවාඩු දමා උද්ඝෝෂණයක් කිරීමට කටයුතු කර ඇති බවත් මේ සදහා යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී දැවන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් ඌව පළාත් තාක්ෂණ සේවා සංගමය පවසයි.
 
 



අදහස් (2)

ඌවේ කෘෂි නිලධාරීහු වර්ජනයකට සැරසෙති

Sumith Monday, 08 April 2019 01:14 AM

මෙහෙම කට්ටිය ඉන්නවද කියලා ගොවියෝ දන්නේ අද

:       0       0

Gamini Monday, 08 April 2019 01:16 AM

ගොවියෝ වෙනුවෙන් උත්ඝෝෂන කරන්න කව්රුත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site