IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැලි ටිපරයට යටවී අයෙක් මරුට

(රොහාන් සී ප්‍රේමතිලක)

වැලි ගබඩාකරන ස්ථානයක බීමත්ව වැතිර සිටි 65 හැවිරිදි වයස්ගත අයෙකු වැලි ටිපර් රථයකට යටවී අද (9) මිය ගිය බව අරණායක පොලිසිය පවසයි.

කන්තලේ ප්‍රදේශයේ සිට ටිපර් රථයකින් ප්‍රවාහනය කළ වැලි තොගයක් බෑම සඳහා අදාළ ටිපර් රථය පසුපසට ධාවනය කරද්දී මෙම අනතුර සිදුවී තිබේ.

දෙමළහීරිය ප්‍රදේශයේ පදිංචි කොන්ත්‍රාත් ව්‍යාපාරිකයකුට අයත් මෙම වැලි ටිපර් රථය කන්තලේ සිට පැමිණ වැලි බෑම සඳහා පසුපසට ධාවනය කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුවී තිබේ.

ටිපර් රථය නවතා එහි පසුපස දොර විවෘත කිරීමට රියදුරා ගිය අවස්ථාවේදී මියගිය තැනැත්තා ටිපර් රථයට යටවී සිටිනු දැක ඇති අතර බරපතල තුවාල ලබා සිටි ඔහු ඒවන විටත් මියගොස් සිටි බවද පොලිසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

වැලි ටිපරයට යටවී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32243 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14718 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 73 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 347 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1272 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site