IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බිළිදෙකු දමා ගිය රූපලාවන්‍ය ශිල්පිනියක් වසර දෙකකට පසු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පානදුර නගරය ආසන්නයේ නිවසක් ඉදිරිපිට මීට වසර දෙකකට පමණ ඉහතදී අලුත උපන් බිළිඳකු දමාගිය රූපලාවන්‍ය ශිල්පිනිය සහ ඇගේ මව පානදුර වඳුරාමුල්ල නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
 
කලුපැහැති ඉටිබෑගයක දමා බිළිඳා දමාගොස් තිබුණේ 2017 මාර්තු 09 වැනිදිනය.
 
නිවැසියන් විසින් පොලිසියට ඒ බව දැන්වීමෙන් පසු ස්ථානාධිපතිවරයා එම බිළිඳාව පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළු කළ අතර මාස කිහිපයක් පුරා එම රෝහලේ හෙදියෝ බිළිඳාව රැකබලගත්හ.
 
පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් බිළිඳාව ළමා නිවාසයකට යොමුකිරීමටත්, දරුවා දමාගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමටත් නියෝග කෙරිණි.
 
පානදුර දකුණ පොලිසිය වසර දෙකක් පුරා ඔත්තුකරුවන් යොදා කළ විමර්ශන අනුවත් වෙළඳසැලක තිබූ සීසී ටීවී කැමාරවක දත්ත ඔස්සේ කළ පරීක්ෂණ අනුවත් සැකකාර කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පානදුර පොලිසිය කියයි.

 



අදහස් (0)

බිළිදෙකු දමා ගිය රූපලාවන්‍ය ශිල්පිනියක් වසර දෙකකට පසු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site