(සරත් නිශ්ශංක)
නිධානයකින් ගත් බව කියන මැණික් ගල් 3 ක් හා දේව රූපයක් අලෙවිකිරීමට තැත්කළ ගිරිතලේ යාය 2 ගම්මානයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙක් මින්නේරිය පොලිසිය විසින් අද(08) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් නිධන් වස්තු අලෙවි කිරීමට ගිය අවස්ථාවේ පොලිසිය ලද තොරතුරක් අනුව පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් සමඟ නිධන් හෑරීමට උපයෝගි කරගත් භාණ්ඩද අත්අඩංගුවට ගත බව පොලිසිය කියයි.
සැකකරුවන් තිදෙනා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd