(ඩී.කේ.රත්න)
තණමල්විල කුඩාඔය යුද හමුදා කොමාණ්ඩෝ පුහුණු පාසල අසලදී අද (8) විදුලිසැර වැදීමෙන් දළ ඇතෙකු මිය ගොස් ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.
වයස අවුරුදු 15 ක් පමණ දිග අඩි දෙකක පමණ දළ සහිත ඇතෙකු විදුලිසැර වැදීම මෙලෙස මිය ගොස් තිබේ.
යුද හමුදා කොමාණ්ඩෝ පුහුණු පාසලට ආරක්ෂාවට යොදා ඇති විදුලි රැහැනක දැවටීමෙන් වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ රක්ෂිතවල ජීවත්වන දළ ඇතෙකු කොමාණ්ඩෝ පුහුණු පාසල් භූමියට ඇතුළුවීමට උත්සහ කිරීමේදී විදුලිසැර වැදීමෙන් මෙසේ මියගොස් තිබේ.
තණමල්විල කිතුල්කොටේ වනජීවී කාර්යාලයේ නිළධාරීන් හා කුඩාඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි කුඩාඔය පොලීසියේ නිළධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd