IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලිසැර වැදී ඇතෙකු මරුට

(ඩී.කේ.රත්න)

තණමල්විල කුඩාඔය යුද හමුදා කොමාණ්ඩෝ පුහුණු පාසල අසලදී අද (8) විදුලිසැර වැදීමෙන් දළ  ඇතෙකු මිය ගොස් ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.

වයස අවුරුදු 15 ක් පමණ දිග අඩි දෙකක පමණ දළ සහිත ඇතෙකු විදුලිසැර වැදීම මෙලෙස මිය ගොස් තිබේ.

යුද හමුදා කොමාණ්ඩෝ පුහුණු පාසලට ආරක්ෂාවට යොදා ඇති විදුලි රැහැනක දැවටීමෙන් වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ රක්ෂිතවල ජීවත්වන දළ ඇතෙකු කොමාණ්ඩෝ පුහුණු පාසල් භූමියට ඇතුළුවීමට උත්සහ කිරීමේදී විදුලිසැර වැදීමෙන් මෙසේ මියගොස් තිබේ.

තණමල්විල කිතුල්කොටේ වනජීවී කාර්යාලයේ නිළධාරීන් හා කුඩාඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි කුඩාඔය පොලීසියේ නිළධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

විදුලිසැර වැදී ඇතෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site