IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යතුරුපැදියක් සොරා ගත් යුක්රේන ජාතිකයෙක් අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

 

වැලිගම මිරිස්ස ප්‍රදේශයේ හෝටල් හිමියකුට අයත් රුපියල් ලක්ෂයක් පමණ වටිනා යතුරු පැදියක් සොරකම් කළ බව කියන යුක්රේන ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

අදාළ හෝටල් හිමියාගේ නිවස ඉදිරිපිට නවතා තිබු යතුරුපැදිය ඔහු සොරකම් කර ගෙන ගොස් තිබුණේ ඉකුත් 2 වැනිදාය.

උදෑසන මිරිස්ස වරායට යාම සදහා යතුරුපැදිය සොයා බැලු විට නොතිබුණු බවත් සී.සී.ටී.වී.කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදී විදේශීය ජාතිකයකු එය රැගෙන යන බව පටිගත වී තිබු බවත් එහි හිමිකරු පොලීසිය වෙත ප්‍රකාශ කර තිබේ.

තමා සංචාරක ව්‍යාපාරයේ නිරත අයෙකු නිසා එම විදේශීය ජාතිකයා නැවත යතුරුපැදිය ගෙනවිත් බාරදිය හැකි බවට වූ විශ්වාසයෙන් ඔහු පසු වී ඇත.

එහෙත් ඉන් දින පහකට පසු සැකකාර යුක්රේන ජාතිකයා මිරිස්ස නගරයේ දී එම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින විට පොලීසිය නවතා පරික්ෂා කර තිබේ.

වලංගු ආදායම් බලපත්‍රය හා රක්ෂණ සහතික පරික්ෂා කරන විට අදාළ යතුරුපැදිය සොරකම් කර ගෙනවිත් ඇති බව හෙළි වී ඇත.

සැකකාර යුක්රේන ජාතිකයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

යතුරුපැදියක් සොරා ගත් යුක්රේන ජාතිකයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site